gossiplanka image 1
කෙම


සුදුලූනු බික් හතක් කතා නො කර හැන්දෑවේ පාවට්ටා ගසක රිකිල්ලක ගසේ ස්පර්ෂ වන පරිදි රඳවා (ආධාරකයක් භාවිතා කළ හැක) උදෑසනින් පිරී පිට සුදුලූනු බික් හත සහ රැඳවූ රිකිල්ල කොළත් සමග ගෙන වනේ ලා කොටා උණු අලු පලේ හෝ වණ්ඩුවේ තම්බා උණු දියෙන් මිරිකා උදේ සවස රෝගියාට බොන්නට දෙනු. සෙම්ප්‍රතිශ්‍ය ඇදුම නිවාරණය වේ.


එහි විද්‍යාත්මක පදනම


මෙය ඉතාමත් ගුණදායක කෙම් ප්‍රතිකාරයකි. සාර්ථක ප්‍රතිඵල ලැබූවෝ බොහෝ ය. එම නිසා අත්දුටුව යි සත්තයි කියා හිතට එකඟ ව පැවසිය හැක. මෙහි දී මෙම කෙම් ප්‍රතිකාරයේ ගුණදායක බව සනාථ කිරීමට හැකි කරුණු කාරණා කීපයක් හෙළිදරව් කළ හැක.ශාක ප්‍රජාවට ජලය, පොහොර, වායුගෝලයේ ඇති වාතය පමණක් නොව ස්පර්ෂ වන දේවල් වල ඇති හිතකර අහිතකර හැම ගුණයක් ම උරා ගැනීමේ හැකියාවක් ඇත. එහෙත් මෙහි ඉහත සඳහන් අයුරු බෙහෙත සකස් කොට රෝගියාට දුන් පසු ව කෙමෙන් කෙමෙන් ගුණ ලැබී රෝගියා සම්පූර්ණයෙන් ම සුවපත් වේ.