කෙම1
හිසරදයෙන් පෙළෙන රෝගියා ගේ නළලට අත තබා පහත සඳහන් මන්ත්‍රයෙන් 7 හත් වරක් මතුරා පොළවට අත තබනු. කොතෙක් වේදනා කර හිසරදයක් වුව ද සුව වේ.
මන්ත්‍රය
ඒං කෝඩ් වාරුම් කව්වා කඩ්වාලා ගහරුවා විස්ටුක් කුං අම්මේ අම්මණ්ඩියේ පොග පෝග ඒස් වාහං
හිසරදයට මන්ත්‍ර ශාස්ත්‍ර කෙම 2
කෙම
හිසරදයෙන් පෙළෙන රෝගියා ගේ නළලට අත තබා පහත සඳහන් මන්ත්‍රයෙන් 7 හත් වරක් මතුරා පොළවට අත තබනු. කොතෙක් වේදනා කර හිසරදයක් වුව ද සුව වේ.
මන්ත්‍රය
ඒං කෝඩ් වාරුම් කව්වා කඩ්වාලා ගහරුවා විස්ටුක් කුං අම්මේ අම්මණ්ඩියේ පොග පෝග ඒස් වාහං
එහි විද්‍යාත්මක පදනම
සැබවින් ම මෙම කෙම් ප්‍රතිකාරය ප්‍රත්‍යක්ෂ වශයෙන් සුවය ලැබිය හැකි අභිචාර ශක්තියකි. මෙබඳු ප්‍රතිකාර විධිවල දී මන්ත්‍රය මතුරන ආකාරයෙනුත් එය අවසන් කරන ආකාරයෙනුත්, එනම් නළලට අත තබා මැතිරීමේත්, මැතිරීම අවසානයේ පොළවට අත ගැසීමේන් යන ක්‍රියාවලින් රෝගියා ගේ සිතේ රෝගය සුව වෙතැයි යන විශ්වාසය ගොඩ නැගේ. නළලට අත තබා මතුරා, හිසරදය අතට ගෙන පොළවෙන් තැබුවා වැනි හැඟීමක් ඔහු ගේ සිත්තේ ඇති වේ. උදාහරණයක් ලෙස දක්වතොත් දත් කැක්කුම සෑදුණ විට දෙහි අත්තෙන් මතුරා එය බිමට ගසා දමන්නාක් මෙනි. හිසරදය සුව වෙතැ යි මෙලෙස විශ්වාසයක් හිතේ ගොඩ. නැගීමත්, මන්ත්‍රය සතු ගුප්ත බලය හිසරදය සුව කිරීම සඳහා ක්‍රියාකාරී වීමත් යන කාරණා දෙක එකට එක්වීමේ ප්‍රතිඵලය බවට පත්වෙන්නේ රෝගියා නිට්ඨාවට ම සුවය ලැබීම ය. . එබැවින් මෙම කෙම් ක්‍රමය විශ්වාසයෙන් ක්‍රියාවට නැංවිය හැකි ඉතාමත් හොඳ අභිචාර ගණයට අයත් ප්‍රතිකාරයක් බව මෙහිලා සඳහන් නොකර ම බැරි ය.
Comments
Post a Comment