කළ ගෙඩි වැනි කන් ඇති වූ නිසා රාවණගේ බාල සොහොයුරු කුම්භකර්ණ නම් විය. ඔහු සුවාසු ගව්වක් උසය. සිරුර කන්දක් සේ මහත්ය. ස්වසනය මහා සුළි සුළග ක් සේය. කථාව අහස් ගිගුරුමක් වැනි විය. මුළු ලංකාවෙහිම ඔහුට වාසය කිරීමට තරම් තැනක් නොවීය. මේ නිසා කඳුකරයක යෝධ ගල් ගුහාවක් ඔහුගේ නිවහන විය. සිය සොහොයුරු රාවණ මෙන්ම මොහුද අමරණීයත්වය ප්‍රාර්ථනා කළේය. විවිධ දුෂ්කර ක්‍රියා කරමින් මහා බ්‍රහ්මයා වෙතින් එම වරය ලැබීමට කටයුතු කළේය. ඔහුට උවමනා වූයේ කිසිඳු කොන්දේසියකින් තොර වූ අමරණීයත්වයකි. මහා බ්‍රහ්ම ඔහු ඉදිරියේ පෙනී සිටි කල්හි කුම්භකර්ණ එම වරය ඉල්ලීය. නමුත් එවැන්නකට නොකැමති වූ බ්‍රම කීප වරක්ම ඔහු වෙතින් අතුරුදහන් විය. අවසානයේ කුම්භ කර්ණ විසින් ඇති කරන ලද මහා නියගයකින් තුන් ලොවම ගිනි ගන්නා තැනට පැමිණියේය. බුමට වරය නොදී සිටීමට බැරි විය. අවසන ක්‍රම සිය බිරිය වූ සරස්වතියට මේ පිළිබඳව දැන්විය. කුම්භ කණ වරය ඉල්ලන මොහොත්තේ ඔහුගේ දිවට ආරුඩ වී අනෙකක් ඉල්ලන සේ සැලැස්වීමට ඇයට දැන්වීය. ඒ වතාවේ කුම්භ කර්ණ කොන්දේසි රහිත අමරණීයත්වය ඉල්ලා සිටීමට සිතා සදාකාලික නින්ද ඉල්ලීය. එසේ වූයේ සරස්වතිය ඔහුගේ දිවට ආරූඩ වීමෙනි.
මහා බ්‍රහ්ම වෙතින් වරම ලැබුණි. ඔහු සදාකාලික නින්දට වැටුණි. පසුව එය වෙනස් කරන ලෙස ඉල්ලා සිටියෙන් ඒ අතරතුර ඇතැම් විටෙක අවදිවීමට අවසර ලැබුණි. රාම - රාවණ යුද්ධය ආරම්භ වූ අවස්ථාවේ රාවණට කුම්භකර්ණගේ ආධාරය උවමනා වූයේය. මාස නවයක් පුරා නිදා සිටි කුම්භ කණ අවදි කිරීමට ඔහු රාක්‍ෂස සේනාව යැවීය. අවදි කිරීමට පෙර ඔහුගේ ආහාරය සඳහා සිය ගණන් මීමුන් හා මුවන් මරා පිස බත් කන්දක්ද පිළියෙල කර තිබුණි. ඔහු නැගිටු වීම සඳහා රාක්ෂයෝ කඳු ආදිය කඩා ඔහුට ගැසුහ. නමුත් ඔහුගේ නැහැයෙන් පිටවන හුමෙන් ඒ සියල්ලම විසි වී ගියේය. පොරෝ වැනි ආයුධ වලින්ද ඔහුට පහර දුන්හ. ඒවා කුම්භකර්ණට නොදැනුනි. එවිට දහස් ගණන් ඇත් සේනාව ඇග උඩින් ගමන් කරවීමට සැලැස්වීය. අන්තිමේ ඔහු අවදිවිය. මහා බත් කන්ද හා මද මොහොතින් ගිල දැමේ. සිය සොහොයුරා තමා හාමත්තේ තැබීමට යන්තම් ආහාර වේලක් දුන්නේ යැයි ඔහු රාවණට දොස් පවරන්නට විය. තව තවත් සතුන් මරා පිස දුන්නේය. මෙහිදී ඔහුගේ හාමත බාගෙට සංසිඳුණි. වඳුරන් හා වළසුන් විශාල සංඛ්‍යාවක් ලංකාවට පැමිණ සිටින නිසා ඔහුට යුධ බිමේ සෑහෙන පමණකෑම ඇතැයි කුම්භ කණට දැන්වීය. කෑම ගැන අසා සතුටට පත් ඔහු වහාම නිදි ගැට හැර නැගිට යුද බිම කරා දිව ගියේය. ඔහු දුටු වඳුරෝ බියට පත්වූහ. ඔහු පහර දුන් නමුත් ඉතාම ගණ වු ඔහුගේ සමට එය නොදැණුනේය. වානර නායක හනුමාන් පවා ඔහුගෙන් හැකි තරම් ඈත්ව සිටියේය. රාමාගේ සොහොයුරු වු ලක්ෂ්මණ කුම්භකර්ණව නතර කිරීමට වෙර දැරුවේය. නමුත් එයින්ද පලක් නොවීය. අනතුරුව රාම ඒ සඳහා ඉදිරිපත්විය.අවසන මහා සටනකින් රාම ඔහුගේ අතක් කපා බිම හෙළීය. ඒ අත වැටෙන්ම ඊට යට වු වඳුරෝ දහස් ගණන් මරුමුවට පත්වූහ. රාම කලක සිට ජපකර තබාගෙන සිටි හීයකින් ඔහුගේ අනෙක් අත කපා දැමුවේය. මෙසේ දෙපා හා හිසද කපා හෙළන ලදී. අවසන මේ මහා යෝධයා විශාල කන්දක් පරිද්දෙන් මැරි ඇද වැටුණි.
    
Comments
Post a Comment