gossiplanka image 1
 




 බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි  3 වන චාල්ස් ස්පෙන්සර් රජුගේ වෘශ්චික ලග්න ජන්ම පත්‍රයේ ලග්නාධිපතියා ලග්නයේ ස්වක්ෂේත්‍ර බලයෙන් සිටියද රාජ්‍යකාරකත්වය නිරුපනය කරන සහ දසවැන්නේ අධිපතියාද වන රවි නීච වී දොළහේ සිටීම රජවීමට  බලාපොරොත්තුවෙන් සිටින්නෙකුට ශුභ නොවන බව පෙනෙයි. විශේෂයෙන්ම සාමාන්‍ය මිනිසුන්ට රවි නීච වීම ශුභ වුවද රාජකීය පවුල උදවියට මෙන්ම දේශපාලකයින්ටද රවි නීචවීම තම පෞරුෂයට කුමන අන්දමකින් හෝ හානි පමුණුවන පිහිටීමකි. ඒ අනුව චාල්ස් කුමරුද ඇතැම් අවස්ථාවල තම පෞරුෂයට හානි වන අන්දමේ අත්දැකීම්වලට මුහුණ දෙනු ලැබීය.   ඩයනා හා විවාහව සිටි සමයේ තමුන්ට වඩා වයෝවෘද්ධ වූ කැමිලා පාකර් සමඟ පැවති අනියම් සබඳතාවය ඊට සාක්ෂි සපයයි. (පසුව කැමිලා නිත්‍යානුකූලව විවාහ කරගනු ලැබූවද එය රජ පවුලේ ආශිර්වාදයෙන් තොරව වුවක් බව පැහැදිළිය)  කුමක් වුවද යමෙකුගේ ලග්නයේ බලවත් කම ඔහු හෝ ඇය ගත කරන ජීවිතයේ ස්වරූපය තීරණය කෙරේ. චාල්ස් කුමරුගේ ලග්නයේ කුජ රුචක නම් මහා පුරුෂ යෝගය සහිතව සිටීමෙන් ඔහුගේ රාජකීයත්වය පිළිඹිබු වෙයි. දෙවැන්නේ ගුරු ස්වක්ෂේත්‍රව සිටීමෙන් උපතින්ම සුවිශාල ධනවතෙකු බව පෙන්නුම් කරයි. නමුත් ඉකුත් සියවසේ ලොව සුප්‍රසිද්ධම විවාහ මංගල්‍යය තමා හා ඩයනා කුමරිය අතර සිදුවූවද එය වැඩිකල් නොයා බිඳ වැටෙන බවට හත්වැන්නාධිපති සිකුරු දොළොස්වැන්නාධිපති බුධ සමඟ පරිවර්ථනය වීමෙන් සහ කුජ සහ ශනිගේ පිහිටීමෙන් පිළිඹිඹු වෙයි.