gossiplanka image 1
 


කෙම


කුඹුරට හේනට වන සතුන් ගෙන් වන හානි වළකාලීමට වෙනත් කුඹුරකින් හෝ හේනකින් වී ගසේ මුල මා නැකතින් කතා නො කර ගලවාගෙන පැමිණ අවශ්‍ය ස්ථානයේ සිටවනු. වන සතුන් ගෙන් වෙන හානි වැළකේ.


එහි විද්‍යාත්මක පදනම


හේන, කුඹුර ආදී ස්ථානවල සැමදා ඇති පැළෑටි එම පරිසරයට ආගන්තුක නොවේ. එ බැවින් එහි පැමිණෙන සතුන්ට ද ඒවා ආගන්තුක නොවේ. හුරු පුරුදු ය.

එහෙත් වෙනත් පැළෑටියක මුලක් එහි සිටවුවහොත් එම සතුන්ට වෙනසක් දැනේ. පරිසරයට ආගන්තුක යමක ආගමනය සිදුව ඇති බව උන් ගේ ඉවට දැනේ. එය එම සතුන්ට එම පරිසරය පිළිබඳ ව සැකයක් ඇතිවීමට හේතුවක් වේ. උන් ඒ ගැන වහා විමසිලිමත් වෙයි. එම විමසිල්ලේ ප්‍රතිඵලය බවට පත්වෙන්නේ, එය අනතුරුදායක තත්වයක් හැටියට නිගමනයකට එළඹීම ය. එ සැනින් එම සත්තු අනතුර පිළිබඳ ව සැලකිලිමත් වී එයින් බේරීමට ගන්නා පියවරක් හැටියට පරිසරයෙන් පළා යති.