gossiplanka image 1
 





ඔස්කාර් සම්මාන උළෙලට පමණක් දෙවෙනි වන "ගෝල්ඩන් ග්ලෝබ්" සිනමා උළෙලේ 2009 හොඳම නිළිය මෙන්ම හොඳම සහය නිළිය යන සම්මාන  ද්විත්වයම දිනාගනු ලැබුවේ කෙට් වින්ස්ලට් විසිනි. Revolutionary Road චිත්‍රපටය වෙනුවෙන් හොඳම නිළියට පිරිනමන සම්මානය දිනාගත් The reader චිත්‍රපටයේ කළ රංගනය වෙනුවෙන් හොඳම සහය නිළිය සම්මානය දිනාගනු ලැබීය. නමුත් කෙට් වින්ස්ලට්  යන නම ලොව පුරා ප්‍රේක්ෂකයින් අතර ප්‍රකට වන්නේ මීට දශකයකට පෙර සිටය. ඩේවිඩ් කැමරුන්ගේ 'ටයිටැනික්' සිනමා පටයේ රෝස්ගේ චරිතය තුළින් එක් රැයකින් ලොව පුරා සිනමා රසිකයින්ගේ ආකර්ශනයට හා ජනාදරයට ලක් වන මැය එවන් වූ සුපිරි තරුවක් බවට පත්වීමට තුඩුදන් ජ්‍යොතිෂමය කරුණු මොනවාදැයි සොයා බැලීමේදී 1975 ඔක්තෝම්බර් 5 ඇය උපත ලබන මොහොතේ උදා වී තිබූ ලග්න රාශියද සුවිශේෂි වූ බව පෙනේ. එය කලාවට අධිපති සිකුරු හිමි තුලා රාශිය වන අතර ලග්නාධිපති සියලු ලැබීම්, සමාජශීලීත්වය පෙන්වන එකොළොස්වැන්නේ තැන්පත්වීම මෙන්ම එම රාශි අධිපති රවි, උච්ච බුධ සහ සඳු සමඟ යෝග වී සිටීමෙන් ජන්මියා කලාවටම ඔබින රූප සම්පත්තියකින් හා හැකියාවකින් යුක්ත වන බව පෙන්නුම් කරයි. ඊට අමතරව මෙහි ප්‍රතිභාව පෙන්වන තෙවැන්න අධිපති ගුරුගෙන් සහ බුධගෙන් යෙදුන විපරිත රාජ යෝග දෙකක්ද දොළොස්වන්නේ සහ හයවැන්නේ යෙදීම මෙන්ම සඳු හා බුධ එක්ව යෙදුන ධර්මකර්මාධිපති යෝගයද ජන්මියාගේ උත්පත්ති පින් බලය පෙන්නුම් කරයි. මීට අමතරව රවි සහ සඳුගෙන් දොළොස්වැන්නේ සිකුරු වැනි ශුභ ග්‍රහයකු සිටීමෙන් යෙදුන යෝග දෙකද ජනප්‍රියත්වය, ආකර්ශනය මෙන්ම ප්‍රකට භාවයද දිනාගැනී මහෝපකාරි වූ බව පැහැදිළි වේ.