කෙම
වල් ඇම්බරැල්ලා ගසකින් පොතු කෑල්ලක් කතා නො කර ගලවා ගෙන, ලුණු කැටයක් ද ඒ අයුරින් ම ගෙන හීනියට අඹරා පිරිසිදු රෙදි කෑල්ලක කුඩා පොට්ටනියක් බැඳ උගුරේ තබාගෙන කෙල ගිලිනු. සෙම්ගෙඩි සුව වේ.
එහි විද්‍යාත්මක පදනම
මෙය ඖෂධ හා බැඳී පවත්නා කෙම් ප්‍රතිකාරයකි. ඒ බව හඳුනාගත හැක්කේ කතා නො කර ඇබරැල්ලා සහ ලුණු යන ඖෂධ දෙවර්ගය සපයා ගත යුතු ය යන නියමය කෙම හා සම්බන්ධ වී ඇති නිසා ය. වල් ඇම්බරැල්ලා උගුරේ අසාධන සඳහා ඉතාමත් හිතකර ඖෂධයකි. එය සෙම්ගෙඩි වලට ද ගුණදායක ය. ලුණු මුසු වීමෙන් එහි ඇති ඖෂධීය ගුණය උද්දීපනය වෙයි. එම නිසා ඖෂධ සාරය ආසාධන තත්වය පවතින ස්ථානයට ඉක්මනින් ගමන් කොට සහනය සලසනු ලැබේ. සෙම්ගෙඩි උගුරට වද දෙන ලෙඩකි. ඊට නොයෙකුත් ප්‍රතිකාර විධි පවතී. ඒවා අතර මෙම කෙම් ක්‍රමයට ද විශේෂ ස්ථානයක් හිමි වේ. සෙම්ගෙඩි ඇතිවීමට හේතු ව මුව තුළ විෂබීජ ඇතිවීම ය. එසේ නැත්නම් පිටතින් මුව තුළට විෂබීජ ඇතුලු වීම ය. මෙ ලෙස කවර ආකාරයකට මුවතුළ ඒකරාශීවුව ද එම විෂබීජවල වෑයම ශරිර අභ්‍යන්තරයට ගමන් කිරීම ය. එහෙත් ලෙහෙසියකින් විෂබීජ වලට ශරීරය තුළට ඇතුල්වීමට ඉඩ නො ලැබේ. ඊට හේතු ව විෂබීජ වල ආගමනයක් සිදුවෙන්නේ දැයි පැය විසි හතර පුරා ම ග්‍රන්ථයක් අවධියෙන් යුතු ව බලාගෙන සිටීම ය. යම් හෙයකින් මුවතුළ විෂබීජ උගුරෙන් ඇතුල් වුවහොත් ඊට එරෙහි ව සටන ඇරඹේ. එම සටනේ අරමුණ මිනිස් සිරුරට බෙහෙවින් හිතකර ය. වහා ක්‍රියාත්මක වන යට කී ග්‍රන්ථය උගුරෙන් ශරිර අභ්‍යන්තරයට ඇතුල් වෙන විෂබීජ සියල්ල ම ගිල දමනු ලැබේ. මෙම ක්‍රියාවලිය නිරන්තරයෙන් සිදු වුව ද එම ග්‍රන්ථය පරාජයවෙන අවස්ථා ද නැතුවා නොවේ. ඒ උගුරෙන් ඇතුල් වෙන විෂබීජ ප්‍රමාණය සංඛ්‍යාත්මක ව ඉහළ නැගීම හේතුකොට ගෙන ගිල දැමීමට අපහසු වෙන අවස්ථාවල දී ය. එ විට එම ග්‍රන්ථිය අක්‍රිය වේ. උගුරේ ආසාධනයට මුල පිරෙන්නේ එ විට ය. එය සෙම් ගෙඩි යනුවෙන් හඳුන්වනු ලැබේ. මෙහි ඉහත සඳහන් කෙම මගින් කරනු ලබන ප්‍රතිකාරය සෙම්ගෙඩි සුවපත් කර ගැනීමට ඉතාමත් ගුණදායක ය. කතා නො කර ඖෂධ ලබා ගැනීමත්, පිළියෙළ කිරීමත්, කතා නො කර කිරීමත් එහි පවිත්‍රතාවය ආරක්ෂා කිරීම සඳහා ය. කෙම හා බැඳී පවත්නා විද්‍යාත්මක සත්‍යය එයයි.
Comments
Post a Comment