සර්පයෙක් දෂ්ට කළ විට ඒ බව දැනුම් දීමට පැමිණෙන ධූතයාට, පහත සඳහන් මන්ත්‍රය හත්වරක් අතට මතුරා ටොක්කක් අනිනු. ධූතයා රෝගියා වෙත යන්නට පෙර විෂ නිවාරණය වේ.
මන්ත්‍රය
ඕං නාට්ටිය නාට්ටාය ගුරුඩිය ගරුඩාය ශ්‍රී නාම මොක්ක:
එහි විද්‍යාත්මක පදනම
සිංහල විෂ වෛද්‍ය ක්‍රමය තුළ දූතයා දෙස බලා දෂ්ට කරන ලද සරපයා, දෂ්ට කර ඇති අංශය, වැදී ඇති දළ ගණන සුවකළ හැකි බව මෙන් ම සුව කළ නො හැකි බව පැවසීමේ ක්‍රමබ්ධයක් පවතී. ඒ පිළිබද විස්තර පැරණි පුස්කොළ පොත්වල සඳහන් වේ. මෙම කෙම ද දූතයා මගින් රෝගියා ගේ තත්ත්වය හඳුනාගෙන දූතයාට ටොක්කක් ඇන රෝගියා සුවපත් කරන ක්‍රමයක් හැටියට හැඳින්විය හැකි ය. එය කරනු ලබන්නේ ඉහත සඳහන් මන්තරය හත් වරක් අතට මතුරා දූතයාට ටොක්කක් ඇනීමෙනි. මෙහි සැගවුණ විද්‍යාත්මක පදනමක් නැතැයි සිතීම අසීරු ය. ඊට හේතු ව හැම කෙම් ක්‍රමයක් සමග ම ප්‍රබල විද්‍යාත්මක පදනමක් බැදී පවතින බැවිනි. එ බැවින් ඒ ගැන සොයා බලා එය කුමක් දැයි විමසා බැලීම ඉතාමත් වැදගත් ය. දූතයා සමග වචනය කුදු කතා නො කොට ඔහු ගේ ලක්ෂණ හා හැසිරීම දෙස බලා සියලු තොරතුරු අනාවරණය කරගන්නා වෛද්‍යවරු අතීතයේ සිටි බව නො රහසකි. ඒ පිළිබඳ ඉගියක් මෙහි ඉහත ද සඳහන් විය. එය අනුමාන සැකයක් නොවේ. පැරණි පුස්කොළ පොත්වල සඳහන් ක්‍රමවේදයකි. ඒ පිළිබඳ ව අපේ අතීත ජන සමාජය තුළ බලවත් විශ්වාසයක් ගොඩ නැගී තිබිණි.
විශ්වාසය යනු සිතේ ගොඩ නැගෙන එක්තරා විදියක මානසික ශක්තියකි. එම ශක්තියට මිනිස් සිරුර තුළ අසාමාන්‍ය ක්‍රියාවලියකට අත පෙවීමට පුළුවන. එය ප්‍රතිශක්තිය වර්ධනය කිරිමට ද මහෝපකාරි වේ. විෂ නිවාරණයට මුල පිරෙන්නේ මෙම කරුණු කාරණා මත යයි විශ්වාස කිරීමට පුළුවන.මෙම කෙම හා මන්ත්‍රයක් ද බැඳී පවතී. මන්තරයක් සතු ගුප්ත බලය සුළුපටු නො වන බව මෙම කෘතියේ නොයෙක් ස්ථානවල සඳහන් කොට ඇත.මෙහි ඉහත සඳහන් කළ මානසික ශක්තියත් මන්තරය සතු ගුප්ත බලයත් ඒකාබද්ධ වී මහත් ශක්ති කදම්භයක් බවට පත්ව සර්ප විෂ නිවාරණය කොට රෝගියා සුවපත් කරන බව මෙහි දී උපකල්පනය කළ හැකි ය.
Comments
Post a Comment