කෙම
ඉක්කාවක් සෑදුණ විට කතා නො කර හත් වරක් කෙල ගිලිනු. ඉක්කා ව නතර වේ. අත්දුටු කෙමකි.
එහි විද්‍යාත්මක පදනම
ඉක්කා ව නතර කර ගැනීම සඳහා ක්‍රියාත්මක කළ හැකි කෙම් ක්‍රම එකක් නොව ගණනාවක් සිංහල ජන සමාජය තුළ ව්‍යාප්ත ව ඇත. ඒවා පළාතෙන් පළාතට වෙනස් මුහුණු වරක් ගන්නා නමුදු හැම එකක ම පාහේ ප්‍රතිඵල සතුටු දායක ය.
"ඉක්කයි මායි ගමට ගියා ඉක්ක තියල මං ආවා", යයි හත් වරක් සිහි කිරීම, ළඟ සිටින කෙනෙකුට ඉක්කාවක් සෑදුණ විට ඔහුට පෙනෙන්නට ඒ හඬ අල්ලා කෙල ගිලීම, ඉක්කා ගසන පුද්ගලයා යම්කිසි ක්‍රියාවකින් ක්ෂණික ව බය කිරිම නිදසුන් ලෙස දැක්විය හැකි ය. අප ගේ මාතෘකාව ඉක්කා වැටෙන විට හත්වරක් කෙල ගිලීමෙන් එය නතර කර ගන්නා මෙම වන බැවින් ඒ ගැනවිමසා බලමු.
යම්කිසි අවස්ථාවක ඔබට ඉක්කා වැටෙනවා නම්, ඒ බව වැඩිහිටියෙක් දුටුවහොත් ඔහු පවසන්නේ වතුර ටිකක් බොන්නට කියා ය. එ විට වතුර පානය කොට ඉක්කා ව නතර කර ගැනීමට ඔබ පෙළඹෙනවා ඇත. එ බදු අත්දැකීම් ඔබ අප කාටත් ඇතුවාට කිසි ම සැකයක් නැත. මෙයින් පැහැදිලි වෙන්නේ වතුර ඉක්කාවට ගුණදායක බව ය. එසේ නම් ඉක්කා ව ඇතිවීමට හේතු ව සිරුර තුළ පවත්නා ජල ඌනතාවය නොවේ ද? තවත් විදියකට පවසනවා නම් විජලන ස්වභාවයක් ඇති වී තිබීම නොවේ ද? කරුණු කාරණා එසේ නම් හත්වරක් කෙල ගිල්ල විට ඉක්කා ව නතර වෙන්නේ කුමක් නිසා ද යන ප්‍රශ්නයට පිළිතුරු සපයා ගැනීම අසීරු කාර්යයක් නොවේ.
මෙහි දී කෙල ගිලින විට කතා නො කළ යුතු යයි නියමයක් පනවා තිබේ. එසේ කළ යුත්තේ කෙල ගිලීම කෙරෙහි සිතේ අවධානය තීව්‍ර කිරීම සඳහා ය.වතුර බීමත්, කෙල ගිලීමත් යන දෙකෙන් එක ම ප්‍රතිඵලයක් අත් වේ. ඉක්කාව නතර වීමට ගතවෙන කාලයේ අඩුවැඩි වීමක් දැකිය හැකි වුව ද ප්‍රතිඵලය එක හා සමාන ය. වතුර බීමෙන් පහසුවෙන් ලබාගත හැකි ප්‍රතිඵලය කෙල. ගිලීමෙන් අපහසුවෙන් ලබා ගන්නේ කුමකට දැයි මෙහි දී ඔබට ප්‍රශ්නයක් ඇතිවීමට ද පුළුවන. එහෙත් කෙල ගිලීමෙන් ඉක්කාව නතර කර ගැනීමට හැකි කම ගැන දැන සිටීම ප්‍රයෝජනවත් ය. මන්ද වතුර ටිකක් සපයා ගැනීමට අපහසු අවස්ථාවක දී කෙල ගිලීමෙන් එය නතර කරගත හැකි බැවිනි.
Comments
Post a Comment