කෙම
කාක්කා අඩන්නට පෙර බාඳුරා වැලක් ළඟට කතා නො කර ගොස් පියන විවර නොවූ බාදුරා බොක්කක් කඩා එහි ඇති ජලය පානය කරනු. කක්කල් කැස්ස සුවවේ.
එහි විද්‍යාත්මක පදනම
බාඳුරා යනු ඖෂධ ශාඛයකි. බාදුරා බොක්ක යනු එහි හටගන්නා කොපුවකි. එය ජලයෙන් පිරි පවතී. පරිණත වෙද්දී එහි පියන විවර වේ. කක්කල් කැස්ස සඳහා එහි ජලය පානය කළ යුත්තේ ඊට පෙර ය. පියන විවර වුණ පසු ව එහි ජලය ද ඇති බැවින් කෘමීන් සමීප වේ. එ විට පියන වැසේ. කෘමියා ජලය සහ බාඳුරා බොක්කට මැදි වී ජීවිතක්ෂයට පත්වේ. ඉන් පසු බාඳුරා වැල එම කාමියා සිය පැවැත්ම සඳහා ආහාරයක් හැටියට යොදා ගනී.එය බාඳුරා ශාකයට ආවේණික සොබාදහම විසින් හඳුන්වා දී ඇති ක්‍රියාදාමයයි.
බාඳුරා යනු ඖෂධීය ගුණ සහිත ශාකයක් බව මෙහි ඉහත සඳහන් විය. එහි ගුණය කක්කල් කැස්සට හිතකර ය. ඒ බව පැරැනෝ හඳුනා ගන්නට ඇත. අත්හදා බැලීමේ ද කරන්නට ඇත. ඉන් පසු ව එය කක්කල් කැස්ස සුව කිරීම සඳහා කෙමක් හරහා සිංහල ජන සමාජයට හඳුන්වා දෙන්නට ඇතැයි විශ්වාස කළ හැකි ය. මෙහි දී ක්‍රියාත්මක වන ප්‍රබල සාධකය වන්නේ බාඳුරා බොකේ වතුර හා මුසු වී ඇති ඖෂධීය ගුණය කක්කල් කැස්ස සුව කිරීම සඳහා ක්‍රියාත්මක වීම කෙමේ සාර්ථකත්වයට ඉවහල් වී ඇති බව ය. ඊළඟ කාරණය වන්නේ කුමක් කිරීමේ දී අනුගමනය කළ යුතු කතා නො කිරීමේ පිළිවෙත ය. එය ද මෙහි සාර්ථකත්යට යම් දායකත්වයක් සපයන බව පෙනේ.
කෙමක් කිරීමේ දී ආරක්ෂා කළයුතු සංයමය හා ඊට දැක්විය යුතු ගෞරවය එ මගින් ඉෂ්ට සිද්ධ වෙන බැවින් සාර්ථකත්වයට හේතු වේ. කෙමක් කිරීමේ දී කතා නො කිරීම බෙහෙවින් ප්‍රචලිත බැවිනි. කතා කරමින් කරන කෙමක් දැකිය නො හැකි තරමට එම සිරිත මුල් බැස ගෙන තිබීම ඊට ඉවහල් වෙන බව ද කිව යුතු ය. කෙමක අපේක්ෂා කරන කාර්යය ඉටුකර ගැනීමට හැකි බලයක් සැග වී ඇති බව අප කවුරුත් දන්නා කාරණයකි. එසේ තිබිය දී සම්මතයට අනුකූල ව ඖෂධීය බලයක් ද ඊට එක් වුණ විට එම බලය තව දුරටත් තීව්‍ර වේ.මෙය ඔබට සාර්ථකව අත්හදා බැලිය හැකි කෙමක් වන බැවින් එය ප්‍රායෝගික කරණයට ලක් කිරීමෙන් ගුණාගුණ හඳුනා අපේක්ෂා මුදුන්පත් කර ගැනීමට පුළුවන.
Comments
Post a Comment