කෙම
රෑන් ගස්ලබු ගසක් කාක්කා අඩන්නට පෙර කතා නොකර නිරුවතින් ගොස් උගුල්ලා කඳ, කොළ, මල්, ගෙඩි, මුල් යනාදී ගසේ පංචාගය තරමක් සිහින් කැබලි වලට කපා කතා නො කර මීයන් ගෙන් හානිය ඇති කුඹුරට ඉසිනු. ප්‍රතිඵල සාර්ථක වේ.
එහි විද්‍යාත්මක පදනම
මෙය ඉතාමත් පලදායී කෙමකි. ඊට හේතු ව වන්නේ පැපොල් ශාකයේ මල් වර්ගයේ ගස්වල පලදැරිම දුර්වල මට්ටමක පැවතීම ය. පලදැරුවත් දැකිය හැක්කේ ඒ ගස්වල රෑන් අග කුඩා ගෙඩි අවම ප්‍රමාණයකි. එම නිසා එම ගස්වල මහපොළවෙන් වායු ගෝලයෙන්, හිරු රැසින් ලබාගන්නා ශක්තිය පල දැරිම සඳහා උපරිම අන්දමින් නොය ද වෙන බැවින් ක්ෂය නොවේ. ගසේ තැන්පත්ව පවතී. එය විශේෂත්වයකි. මෙම කෙම සමාරම්භයට පත් කළ යුත්තේ කාක්කා අඩන්නට පෙර ය. කාක්කා අඩන්නට පෙර යනු අළුයම් කාලය යි. තවත් විදියකින් කියනවානම් තුරුලිය සක්‍රියව පවත්නා දවසේ හොඳම කාලයයි. එම කාලයේ දී ගස්ලබු ගස ගලවා ගත යුතු ය. දිවා කාලයේ දී එය ගලවාගත හොත් ලැබෙන්නේ අදාළ කාර්යය සඳහා ශක්තියෙන් හීන දීන ගසකි. නිරුවතින් යෑමට නියමකොට ඇත්තේ ඒ නිසා ය. දහවල් ශිෂ්ඨ සම්පන්න පුද්ගලයෙකුට ගස්ලබු ගසක් වෙත නිරුවතින් යෑමේ හැකියාවක් නැත. ඒත් රාත්‍රී කාලයේ දී එසේ කිරීමේ අපහසුතාවයක් නො පවතී. නිරුවතින් යන ගමන කිසිවෙකුට නො පෙනෙන බැවිනි.මෙයින් පෙනී යන්නේ ගස්ලබු ගස සක්‍රියව ශක්තියෙන් යුතු ව පවත්නා අවස්ථාවේ දී මෙම කරන්නා ගස්ලබු ගස වෙත යොමු කර ඇති අයුරු ය. එසේ ලබා ගන්නා ගස්ලබු ගස අදාළ කාර්යය සඳහා වඩාත් යෝග්‍ය වේ. එම නිසා ලැබෙන ප්‍රතිඵලය ද සාර්ථක තත්වයක පවතී.ඊළඟ කාරණය හැටියට සඳහන් කළ හැක්කේ ගස්ලබු ශාකය මීයන්ට බලපාන අයුරු ය. ගස්ලබු ගසේ පංචාගය ම මීයන්ට අහිතකර ය. එහි පවත්නා සුගන්ධය ද උන්ට ප්‍රියමනාප නොවේ. කිරි සහිත ය. එම කිරි ගෑවුණ තැන වන වෙන සුළු ය. මීයන් ගේ සිරිත අසුවෙන හැම දෙයක් ම කැබලි වලට කපා දැමීම ය. කපා දැමීමට හසුකර ගන්නා කිසියම් දෙයක හිතකර අහිතකර බව හඳුනා ගැනීමට තරම් සහජයෙන් ලැබුණ ඉවක් උන්සතු ව නැත. මීයන් ගේ දත් සීඝ්‍රයෙන් වර්ධනය වන බැවින් උන් එම තත්වය පාලනය කර ගැනීම සඳහා අසුවෙන හැම දෙයක් ම කපා දැමීමට පුරුදුව සිටී. කුඹුරට ඉසින ලද ගස්ලබු කැබලි ද මීයෝ පැමිණි විට වග විභාගයකින් තොර ව කපා දමන්නට පටන් ගනිති. එ විට උගේ මුඛවල ගස්ලබු කිරි තැවරීම නිසා වන වේ. ගොයමට හානි කිරීමට පැමිණි මීයෝ එය අනතුරු දායක තත්වයක් බව පත් ව ඇති මුබ ආසාදන යෙන් හඳුනා ගනිති. එය මීයන් ගේ පැමිණීම නතර වීමට ප්‍රබල හේතුවක් බවට පත් වේ. එ මගින් කුඹුරේ පවත්නා මීයන් ගේ හානිය මුළුමනින් ම දුරු වී යනු ලැබේ.
Comments
Post a Comment