කෙම
පස්තෙල් (තලතෙල්, කොහොඹ තෙල්, මී තෙල්, එඬරු තෙල්, එළගිතෙල්) ගෙන පහත සඳහන් මන්තරයෙන් 108 වරක් මතුරා ස්වල්පයක් කතා නො කර නළ ලේ ගාගෙන යනු. නඩුහබ වලදී සාධාරණය ඉෂ්ට සිද්ධ කරවා ගත හැකි ය.
මන්ත්‍රය
නමෝ නමේෂ්වරි වාඩුනා අම්බුගතා විචනෙය දවාලයේ අගිලා ආන්ඩවයේ වෛමුත්තු සේනවුනුම් පුත්තික රවනුම් පුත්තිවුනුම් මාගේ මුඛ සරස්වතී පිහිටියෙමි. බද්දේ ගණපති පිහිටියෙමි. දැස් දෙක බුදුන්ගේ බුදුරැස් ගතිමි. අනන්ත මුනිවරමින් සුධ මන්ත්‍රධාරණ කවිසින්දු රංගන්ධාරණ සිහිමුලා නොවී මාගේ මුඛතුළේ තිබේ වා.
එහි විද්‍යාත්මක පදනම
මිනිසුන් විවිධාකාර වැරදි සහ අකටයුතුකම් කර නඩුමගට පිවිසී ඉන් ජය ලබා ගැනීමට ද විවිධ ශාන්ති කර්ම ගුරුකම් කරවා ගනිති. ඒවා ලෝ දහමට එරෙහි බැවින් නිෂ්ඵල ව්‍යායාම යන් ය. එ බැවින් මෙම කෙම මගින් සාර්ථක ප්‍රතිඵල අත්කර ගත හැක්කේ සාධාරණය හා යුක්තිය ඉටුකරවා ගැනීමට පමණය යන්න අප විසින් අමතක නො කළ යුතු ය. ඉහත සඳහන් මන්තරයෙන් ජීවමට හසුකර ගන්නේ පත්තෙල් ය. පත්තෙල් යනු ඉහත සඳහන් කළ අයුරු තෙල් වර්ග පහක සංයෝගයකි. එය තෙල් වර්ග පහක ඖෂධීය ගුණ සංකලනයකි. එ බැවින් එහි අන්තෙල් වර්ග අභිබවා යන ගුණයක් පමණක් නොව බලයක් ද අන්තර්ගත ය. ගුප්ත ශාස්ත්‍රයට අනුකූල ව බලගතු මන්තරයකින් ජීවම් කළ විට එම තෙල තවදුරටත් බල සම්පන්න වේ. එම තෙල් වලින් ස්වල්පයක් ගෙන නළලේ ගා ගත් විට ඕනෑම කෙනෙක් එම පුද්ගලයාට අකාර්ෂණය වන්නේ ය යන්න අමුතුවෙන් කිව යුත්තක් නොවේ..ඊට හේතු ව තෙල් වර්ග පහක සංකලනයේ ගුණයත්, මන්ත්‍රයක ඇති ගුප්ත ශාස්ත්‍රමය බලයත් එක් තැන් වී ශක්ති කදම්භයක් බවට පරිවර්තනය වී ක්‍රියාත්මක වීම ය. එම ශක්ති කදම්භය යුක්ති සහගත සාධාරණ ක්‍රියාවක් ඉටුකරවා ගැනීම හමුවේ ක්‍රියාත්මක වීම අරුමයක් නොවේ. ලෝක පාලන දෙවිවරු පවා ඊට එකඟ ය. එ බැවින් ප්‍රතිඵල නියත වශයෙන් ම සාර්ථක වේ.
Comments
Post a Comment