gossiplanka image 1
 


කෙම.


පිඹුරෙකුගේ කොඳු ඇට පෙළේ පුරුකක් කපුටා අඬන්නට පෙර තුනටියේ ස්පර්ෂ වෙන අයුරු ඉන්නේ බදිනු. තුනටියේ වේදනාව නොහොත් කටී වායුව සුව වේ.


එහි විද්‍යාත්මක පදනම


හේනේ කුඹුරේ වැඩ කරමින් දිවි සරි කර ගන්නා ගැමියෝ මැදිවිය ඉක්මයත් ම ගොදුරු වෙන කරදරකාරී රෝග යකි තුනටියේ වේදනාව. කටීවායුව යනුවෙන් ද හඳුන්වන මෙම ව්‍යාධිය හමුවේ අසරණ වුණ ඔවුහු එදා විශේෂඥ වෛද්‍යවරු සොයා නො ගියහ. එහි ඵලදායිතාවය ගැන දැන සිටියත් නො සිටියත් ඔවුන් මුහුණ දෙනු ලබන ආර්ථිකමය දුෂ්කරතා එ වන් හමුවකට ඉඩහසර සලසා නො තිබිණි.  ඔවුන් හේනෙන් කුඹුරෙන් ජීවන අරගලය ජයගැනීමට උත්සුක වුණා සේම. අවට පරිසරයේ ඇති සම්පත් වලින් ලෙඩ දුක් නිවාරණය කර ගැනීමට පෙළඹිණි. මෙහි දී වෙදැදුරා ගේ වෙදකමට සහ අසල්වැසි ගම්වැසි දනෝ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී සිදු කිරීමට සැදී පැහැදී සිටින හෙදකමට ඔවුන් නිරායාසයෙන් වාගේ යොමු වෙයි. ඒ අතර තුර ගැමියා අනාදිමත් කාලයක සිට ගැමි ජනසමාජයේ මුල්බැසගෙන විපුල ඵල ප්‍රයෝජන ලබාදෙන කෙම්පහන් වලට ද යොමුවෙයි. මෙහි ඉදිරිපත් කොට ඇත්තේ ජන සමාජයට සුවසෙත සලසන එ වන් කෙම් ක්‍රම අතුරෙන් එකකි. එය කටී වායුව නිවාරණය සඳහා ය. කටී වායුව යනු කොඳු ඇට පෙළේ තුනටිය ආශ්‍රිත අස්ථි අතර ඇති වන ආසාධනයකි. අධික ලෙස ඇඟපත වෙහෙසා හේන්නේ කුඹුරේ වැඩ කරන ගැමියාට මැදිවිය ඉක්මවන විට එය වැළදීමේ සම්භාවිතාවය වැඩි ය. එම නිසා බොහෝ දෙනෙකුට එය වැළඳේ.කෙම් ප්‍රතිකාරය පිඹුරෙකු ගේ කොඳු ඇට පෙළේ පුරුකක් ගෙන බැඳීම ය. එය කළ යුත්තේ කාක්කා අඩන්නට පෙර ය.

කාක්කා අඬන්නට පෙර යනු රාත්‍රී කාලයේ එළඹෙන අළුයම නැමති සක්‍රියම හෝරාවයි. එම හෝරාවේ දී ජීවී අජී වී සියලු ම වස්තූන්හි ජානමය සාධක තුළ කිසියම් ශක්ති විශේෂයක් වේ නම් ඒවා සක්‍රියව පවත්නා බව අමුතුවෙන් කිවයුතු නොවේ. මෙයින් පෙනී යන්නේ අදාළ කම සඳහා දවසේ සුදුසුම කාලය තෝරාගෙන ඇති අයුරු ය. ඊළඟ කාරය මෙම ආසාධන තත්වය මග හැරවීම සඳහා පිඹුරු අස්ථියක් තෝරාගෙන ඇත්තේ කවර අරමුණක් නිසා ද යන්නයි. ඊට හේතුව කටීවායුව සුව කළ හැකි ඖෂධීය ගුණයක් පිඹුරු අස්ථිවල ඇති බවට ගැමිජන සමාජය තුළ ඇති විශ්වාසයයි. ඒ වගේ ම පිඹුරු තෙල්වල කැපුම් තුවාල හා කිරීමේ පුදුම බලයක් ඇති බවට ගැමි ජන සමාජය දරන විශ්වාසය ද මේ සඳහා යම් පමණකට හෝ ඉවහල් වී ඇතැයි සිතිය හැකි ය. පිඹුරු තෙල් ආලේප කළ අවියකින් පහර දුන් විට කොතෙක් ගැඹුරට කැපුණත් මතුපිටින් හා වෙන බවට ඇති විශ්වාසය මීට කදිම නිදසුනකි. ඖෂධීය ගුණයක් විශ්වාසයත් සම්මිශ්‍රණය කරගත් කෙම් ප්‍රතිකාරයක් හැටියට මෙය සඳහන් කළ හැකි ය.