gossiplanka image 1
 

කෙම


පාරේ යන විට ගෝනුස්සෙක් දෂ්ට කළහොත් සරම හෝ රෙද්ද කතා නො කර කනපිට හරවා අඳිනු. විස බැස වේදනාව සමනය වේ.



එහි විද්‍යාත්මක පදනම


ගෝනුස්සා උග්‍ර විෂ සහිත සතෙක් නොවේ. එහෙත් දෂ්ට කළවිට දැඩි වේදනාවක් දැනේ. ඉදිමුම ද ඇතිවේ. ඉවසුම් නො දෙන පීඩාවකි.

ගෝනුස්සෙක් දෂ්ඨ කළ විට එ සැනින් කතා නො කර ඇඳිවත කන පිට හරවා ඇන්ද පසු වේදනාව සමනය වී සුවය ලැබෙන්නේ කෙසේ ද යන්න විමසුමට ලක්කිරීම අතිශයින් වැදගත් කාරණයකි. මෙම විමසුම ක්‍රියාත්මක කිරීමේ දී ආයාසයකින් තොරව කරුණු කීපයක් අනාවරණය කර ගැනීමට පුළුවන. ගෝනුස්සා සුළු විෂ සහිත සතෙක් බව මෙහි ඉහත සඳහන් විය. එම නිසා ගෝනුසු විෂට සෘජු බලපෑමක් කිරිමට නුපුළුවන. ගෝනුස්සා දෂ්ට කළ සැණින් ඇඳිවත කනපිට හැරවීමට ඉනෙන් බුරුල් කළ විට එම සුළු විෂට සිරුර පුරා දිව යන්නට හොද නිදහසක් ලැබේ. එ තරම් හානිදායක නො වන එම විෂ එ ලෙස තුනී වී යෑම වේදනාව අඩු වීමට හේතුවක් වෙයි. ශරීරයේ පවත්නා විෂ නැසීමේ ශක්තියට ද එම විෂ මර්ධනය කිරීමට එය පහසුවක් වෙයි. එය එක් පාර්ශවයකින් සිදුවන ක්‍රියාකාරිත්වයකි. අනෙක් කාරණය වන්නේ, සතෙක් දෂ්ඨ කළ විට එම විස දෂ්ඨ කළ ස්ථානයෙන් ශරීර ගත වෙන්නා සේ ම එම ස්ථානය අසල ද විසිරි යයි. එ විට එම විෂ අරෝපණය වෙන්නේ දෂ්ඨ කළ ස්ථානය අවට ඇඳිවතට ය. එහෙත් ඇඳිවත පුරා එම විෂ පැතිරි යන්නේ නැත. ගෝනුස්සා සුළු විෂ සහිත සතෙක් වන බැවින් ඇදිවත් කුඩා ප්‍රදේශයකට එය සීමා වෙයි. මේ අයුරින් දෂ්ඨ කළ ස්ථානය අවට විෂ පැතිරිම ආසාදන තත්වය උග්‍රවීමට හේතුවකි. ඇඳිවත කන පිට හැරෙව් විට එම පෙදෙස දෂ්ඨ කළ ස්ථානයෙන් දුරස් වේ. එවිට විෂ සතු ක්‍රියාකාරිත්වයට දෂ්ඨ කළ මුඛයට සෘජු බලපෑමක් කිරිමට නුපුළුවන. එම තත්ත්වය මත ද වේදනාව අඩු වෙයි. එ පමණක් නොව මෙම ක්‍රියාකාරිත්ව ජීවයේ සාමූහිකත්වය විෂ බැස යෑමට ඉවහල් වේ. ගෝනුසු විට මෙම කෙම අදාළ වුව ද උග්‍ර විෂ සහිත සතෙක් දෂ්ඨ කළ විට එ මගින් සහන සෙවීමට යෑම අනුවන කමකි. ඒ සඳහා වහා වෛද්‍යවරයෙක් වෙත යා යුතු ය. ඊට හේතු ව ප්‍රතිඵල ලැබීමට තරම් මෙම මෙම ප්‍රමාණවත් නො වීම ය. කතා නො කිරිමට නියමයක් පනවා ඇත්තේ අදාළ කාර්යය කෙරෙහි අවධානය යොමු කිරිම විධිමත් කිරීම සඳහා ය යන්න උපකල්පනය කළ හැකි ය.