gossiplanka image 1
 


කෙම


බැබිල ශාකයේ පංචාගය එක පමණ ගෙන අට එකට සිඳ දරුපල ප්‍රමාධ අඹු සැමි යුවළ එම කෂා ය, පුර පක්ෂයේ සිකුරාදා දිනයක දී රෑ එකට එක් වී උතුරු දිශාව බලා පානය කිරීමෙන් දරුපල ප්‍රමාධ ය මග හරවා ගත හැකි ය.


එහි විද්‍යාත්මක පදනම


බැබිල දරුපල ඌණතාවය මග හැරවීමේ ඖෂධීය ගුණයෙන් පිරිපුන් ඖෂධ ශාකයකි. එහි පංචංගය (කොළ, මල්, ගෙඩි, පොතු, මුල්,)මෙම කෂාය සඳහා කෙම මගින් නියමකර තිබීමෙන් එහි ඇති ඖෂධීය ගුණය උපරිම අන්දමින් අදාළ කාර්යය සඳහා ලබා ගැනීමට මග පෙන්වා ඇති අයුරු පෙනේ.කෂාය සාදා ගත් පසු එය පානය කිරීමට දිනයක් ද නියම කර තිබේ. එය පුරපක්ෂයේ සිකුරාදා දිනයක රාත්‍රියයි. පුරපක්ෂය යනු සඳ කලා සොළොස සපුරන්නට පටන් ගෙන එහි උච්චතම අවස්ථාව කරා ගමන් අරඹා ඇති කාලය යි. එම කාලය තුළ පෘතුවියට අයත් අපේ සූර්යග්‍රහ මණ්ඩලයේ නොයෙකුත් විපර්යාස සිදු වේ. සරල උදාහරණයක් දක්වතොත් අවපස පුරපස යන කාල පරිච්ඡේදවල දී සිදුවන වඩදිය හා බාදිය දැක්විය හැකි ය. එ මතු ද නොවේ. පෘතුවියේ සිදුවන එම විපර්යාසයට පරිබාහිර ව තව නොයෙකුත් සොභාවික ක්‍රියාකාරකම් ද මේ විශ්වයේ එම කාල පරිච්ඡේද දෙක තුළ දී සිදු වේ. මෙහි දී අවධානයට ලක්විය යුත්තේ පුරපස කාලය තුළ පවත්නා සක්‍රියතාවයයි. එය ගහ කොළ වලට පමණක් නොව සතා සීපාවුන්ට ද පොදු ය. ලෝක ය ජීවයෙන් ක්‍රියාකාරී වන කාල පරිච්ඡේදයයි. මෙනයින් බලන කල පෙනී යන්නේ ජීවියෙකුට කුස පිළිසිඳ ගැනීමට මෙම විසින් සුදුසු කාලය තෝරා දී ඇති බව ය. ඊළඟ කාරණය එම බෙහෙත පානය කිරීමට තෝරා දී ඇති දිනයයි. එහි ද විශේෂත්වයක් ඇති බව පෙන්නේ. දරුවෙකුට කුස පිළිසිඳ ගැනීමට එම දිනය වඩාත් යෝග්‍ය වන බැවිනි. අනෙක් කාරණය උතුරු දිශාව බලාගෙන බෙහෙත පානය කළ යුතු ය යන සඳහන ය. නක්ෂත්‍රය අනුව බොහොමයක් සුභ කටයුතු සිදු කරන්නේ උතුර බලාගෙන ය. ඊට හේතු ව සාර්ථකත්වය පිළිබඳ ව උතුර සතු ව ඇති ආකර්ෂණීය බලයයි.මෙම කරුණු කාරණා සියල්ල ඒකරාශී කොට කරනු ලබන ප්‍රතිකාරයක් වන බැවින් මෙම මෙම ක්‍රියාවට නැංවීමෙන් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකි බව නිගමනය කිරිමට පුළුවන.