gossiplanka image 1
 

කෙම


කවඩි බෙල්ලෙක් කතානොකර පුළුස්සා එළගිතෙල්වලින් අඹරා ගත්තැලුවට බඳිනු. දින තුනක් පමණ මේ අයුරින් බැන්ද විට ගල්තැලුම ගැල වී යයි. ඉන්පසු ඉතිරි වෙන්නේ වළ සහිත තුවාලයකි. ඊට තෝර කොළ කහ සහ ලුණු දමා මළවා බදිනු. තුවාලය සුව වේ.


එහි විද්‍යාත්මක පදනම


ගල් තැලුම් සෑදෙන්නේ කටු, ගල් යනාදිය යටි පතුලේ ඇනුණ විට ඒ ගැන සොයා බලා ඉවත් නො කිරීම නිසා ය. කල්ගත වුණ විට මෙය පීඩාකාරී ආසාධන තත්වයක් බවට පත් වේ. හරිහැටි පියවර තබා ගමන් කළ නො හැකි වන තරමට වේදනා ගෙන දෙන්නට පටන් ගනී.ඒ සඳහා කොතෙක් ප්‍රතිකාර විධි තිබුණත් මෙහි ඉදිරිපත් කොට ඇත්තේ ගල්තැලුම නිට්ඨාවට සුවකළ හැකි කෙම් ප්‍රතිකාරයකි.ඒ සඳහා යොමු වෙන ඔබට මෙහි පවත්නා විද්‍යාත්මක සත්‍යය පිළිබඳ ව හෙළිදරව් කිරීම ද ප්‍රයෝජනවත් යයි හැගේ. කවඩි බෙල්ලා පුළුස්සා ගත් විට බෙලිකටු හුණු සෑදීම සඳහා පුළුස්සන බෙල්ලන් ගේ කටු තරමට ම සැර ගතියෙන් යුක්ත ය. හුණු ද ගල්තැලුම් ගැලවීම සඳහා සාදනු ලබන බෙහෙත් සඳහා ගන්නා ඖෂධයකි. කවඩි බෙල්ලා ඒ සඳහා යොදාගෙන ඇත්තේ හුණුවලටත් වඩා සැර අදාළ කාර්යය සඳහා යෝග්‍ය බැවිනි.

කවඩි බෙල්ලා පුළුස්සා එළඟිතෙල් වලින් ඇඹරිමට නියමකර ඇති ඖෂධ සංයෝගය ද ඒ සඳහා ඉතාමත් යෝග්‍යතාවයෙන් යුතු ය.

තෝරකොළ තුවාල සඳහා ඉතාමත් හොඳ ය. අපිරිසිදු රුධිරය දවාලීමේ හැකියාවෙන් පොහොසත් ය. ඉදිමුම් නිවාරණය කිරිමේ ගුණයෙන් යුක්ත ය. කහ ද තුවාල සුව කිරීම සඳහා ඉතාමත් හොඳ ඖෂධයකි. ලුණු විෂබීජ නාශකයකි. තෝරකොළ, කහ, ලුණු යන ඖෂධ තුන කොටා මැලවීමට නියම කොට ඇත්තේ ද එහි අනවශ්‍ය විෂ ගතියක් වේ නම් දවාලීම සඳහා ය. මෙහි දී කතා නො කර බෙහෙත සැකසීමට නියමකොට ඇත්තේ කෙමක් සතු අනන්‍යතාවය තහවුරු කිරීම සඳහාය යන්න අනුමාන කළ හැකි ය. මේ සියල්ල එකට කැටි කළ විට තහවුරු වෙන්නේ මෙම බෙහෙත අදාළ ප්‍රතිකාරය සඳහා ඉතාමත් යෝග්‍ය බව ය.