gossiplanka image 1
 

කෙම


මළහිරු බසින යාමයේ දී කුඩලු ගෙඩියක් කඩා ගෙන ඉර බැස ගිය පසු කතා නො කර දෙබරයට ළංවී එය ඇතුළට යන්නට කූඩලු ගෙඩිය ගසනු. දින තුනකට පසු ව දෙබර මැසෝ කූඩුව අත හැර පළා යති. දෙබරු පළා යෑමේ ප්‍රමාධයක් සිදුවුණ හොත් දෙවන තුන්වන වරටත් මෙම ඒ අයුරින් ම කරනු.


එහි විද්‍යාත්මක පදනම


මෙම කෙම පරෙස්සමෙන් කිරීමට නියම කර ඇති ආකාරයට ම කළ යුත්තකි. සුළු අත් වැරදීමක් සිදුවුවහොත් දෙබර ප්‍රහාරයකට ලක් වීමට පුළුවන. නියම කර ඇති කාල වේලාවන් ඒ ආකාරයෙන් ම භාවිතා කරන්නේ නම් බියවීමට කිසි ම හේතුවක් නැත.දෙබරු පළවා හැරීමේ කම මගින් සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට හැකි වන්නේ ඊට පාදක වන ප්‍රබල සාධක කීපයක් ඇති බැවිනි. විශේෂත්වය වන්නේ මෙම විසින් පනවා ඇති නියමයන් ඉතාමත් සුරක්ෂිත වීම ය.කූඩලු ගෙඩිය කඩා ගැනීමේ සිට දෙබරය තුළට ගැසීම දක්වා විධිවිධාන කීපයක් පනවා ඇත. ඉන් පළමුවැන්න ඉර බැස යෑමේ දී කුඩලු ගෙඩියක් කඩා ගැනීම ය. කුඩලු යනු අධික ලෙස පැඟිරි සහිත දොඩම් පවුලට අයත් පැඟිරි කුලයේ ගෙඩි විශේෂයකි. පැගිරි වනාහී සූර්යතාපයට ඉක්මනින් විනාශ වී යන ප්‍රීතුමය රසායනික ද්‍රාවණයකි. එය වහා ගිනි ඇවිලෙන සුළු ය. එම නිසා කලින් කඩා තැබුව හොත් කූඩලු ගෙඩියේ පැඟිරි ගතිය විනාශ වීමට පුළුවන. එ බැවින් ඉර බැස යන යාමය එළඹෙන තෛක් මෙම කෙම් ක්‍රමය සඳහා කූඩලු නො කැඩිය යුතු ය. දෙවැන්න එය දෙබරය තුළට ගැසිය යුත්තේ කතා නොකර ය. එය කෙම කරන්නාගේ ආරක්ෂාව සඳහා පනවා ඇති නියමයකි. ඊළගට ඇඳිරි වැටුණ පසු ව මෙම ප්‍රායෝගික කරණය කිරීමත් එ වැන්නකි. ඊට හේතු ව ඇඳිරි වැටුණ පසුව එහා මෙහා යෑම නවතන දෙබරු කූඩුව තුළට ඇහිරී වාරද වසා දැමීම ය.  මෙම කෙම ක්‍රියාත්මක වුණ පසු ව කූඩලු පැඟිරි දෙබර කූඩුව තුළ පැතිරෙන්නට පටන් ගනී. ඒවා දෙබරුන්ට විෂ සහිත ය. එම නිසා දෙබරුන්ට එහි වාසය අතහැර දමා වෙනත් දිශාවකට ගොස් අළුතෙන් කූඩුවක් සාදා ගැනීමට සිදුවේ. එහෙත් විශ්වය වන්නේ කෙම කරන්නට ආරක්ෂාව සැලසෙන පරිදි මෙම විසින් පනවා ඇති යම් යම් නියමයන් ය.