කෙම
සතුරෙක් මිතුරු කර ගැනීමට අවශ්‍ය නම්, මිතුරු කර ගැනීමට අවශ්‍ය පුද්ගලයා ගේ නම බුලත් කොළයක ලියා, පහත සඳහන් මන්ත්‍රය බුලත් කොළයට මතුරා ඉන්නේ රඳවාගෙන කතා නො කර සතුරා හමුවට යනු. ඉක්බිති ඔහුට කතා කරනු සතුරා මිතුරු වේ.
මන්ත්‍රය
ඕ නම නය කාලී ඉරික්ක තුඩයුම් ඉන්ද්‍ර කොන්ඩයුම් ශුරේ කවානේ කාසි කෝඳුම් ඉනතවානේ තේවර කානුම් කෛඋරුර්ලවානේ ඩී ඩී වා වා යන්ත්‍ර කාලයේ දිෂ්ටි වා වා අරි උරුන්දු උන්ඩුම් ශිවකාලි ශීව අනින්තුල් පුරින්ද පූඩියෙල් යන්ත්‍ර දිෂ්ටි කාලිශිව කාම පේෂනී ඔරු නානී නෛරඩ්ඩුම් යන්ත්‍ර දිෂ්ටි වායං ඕං සරන ගුරු සරන පාම නම නමෝ ත්‍රීකෝල කන්දස්වාමි වරදනේ දිෂ්ටි වාරුම්.
එහි විද්‍යාත්මක පදනම
මෙය ගුප්ත ශාස්ත්‍රය පදනම් කරගත් කෙමකි. මන්ත්‍රයක් භාවිතා කොට ඇත්තේ එ බැවිනි. එමෙන් ම සාෂිහාෂිතයට අයත් යයි සැලකිය හැකි ය. මිතුරු කරගැනීමට උවමනා යතුරු පුද්ගලයා ගේ නම බුලත් කොළයක ලිවිය යුත්තේ ඔහු අදාළ කාර්යය ට කේන්ද්‍ර කර ගැනීම සඳහා ය. කතා නො කර යා යුත්තේ ආමන්ත්‍රණය බලගන්වා ගැනීමට සහ කෙම සතු පවිත්‍රතාවය ආරක්ෂ කොට ඊට ඇති ගෞරවය ද සුරක්ෂිත කිරීම සඳහා ය. ඊළගට ක්‍රියාත්මක වෙන්නේ ගුප්ත ශාස්ත්‍රයට අදාළ මන්ත්‍ර බලයයි. මන්ත්‍රයක් ගොඩනගා ඇත්තේ ශබ්ද ශාස්ත්‍රය උපයෝගී කර ගෙන ය. ඒ බව ඒ පිළිබඳ ව උනන්දුවක් දක්වන කවුරුත් දනිති. එ බැවින් විස්තර කළ යුතු නොවේ. මන්ත්‍රය ජප කිරිමේ දී නැගෙන ශබ්ද තරංග වල බලය බුලත් කොළයේ ලියා ඇති නම මතට මුලින් ම ආරෝපණය කොට ඇති බැවින් ප්‍රතිඵල සාර්ථක වෙන බවට විශ්වාසය පළ කළ හැකි ය. එ මෙන් ම එය ක්‍රියාත්මක වන්නේ බුලත් කොළයේ සදහන් අදාළ පුද්ගලයා ගේ නම කියා ඔහුට කතා කිරීමත් සමග ය.
ය. එ විට ඔහු කොතෙක් සතුරු ව සිටියත් ගුප්ත ශාස්ත්‍රීය මන්ත්‍ර බලයේ බලපෑමෙන් කතා කළ පුද්ගලයාට නම්‍යශීලීව හතුරුකම් අතහැර දමා මිතුරු වීමට සිදු වෙතැයි විශ්වාස කළ හැකි ය.මෙය මන්ත්‍රයකට සම්බන්ධ කොට ඇති කෙමක් වුව ද එහි වශී ගුරුකම් වල දී දැකිය හැකි විශ්වාසය දනවන ක්‍රියා කාරිත්වය හා සමාන බලවේගයක් සැග වී ඇති බව උපකල්පනය කිරීමට පුළුවන. අත්හදා බලා ප්‍රතිඵල කෙසේ දැයි විමසා බැලීම අපහසු කාර්යයක් නොවේ. එහෙත් මන්ත්‍රය හරියාකාරව ශබ්ද ගැන්වීම අතිශයින් වැදගත් ය.
Comments
Post a Comment