කෙම
ළිප ගින්දරට පිළිස්සුණ විට කතා නො කර පෑල දොරෙන් එළිබැස තමන් ගේ මුත්‍රා පිළිස්සුණ ස්ථානයේ ආලේල්ප කරනු. දිය බුබුළු නො නැගී සුව වේ.
එහි විද්‍යාත්මක පදනම
මෙම කෙම හා බැඳී පවතින විද්‍යාත්මක පදනම කෙරෙහි අවධානය යොමු කරන විට එහි සැග වී ඇති වැදගත් කරුණු කාරණා කීපයක් අනාවරණය කර ගැනීමට පුළුවන. විශේෂත්වය වන්නේ එම කරුණු කාරණා පුරුෂ පක්ෂය අභිබවමින් කාන්තා පක්ෂයට අදාළ වී තිබීම ය. ඊට හේතු ව නිවසක මුළුතැන් ගෙයි ඇති ළිප වඩාත් භාවිතා කරන්නේ කාන්තාවන් වීම ය. එබඳු අවස්ථාවල දී එ නම් ළිප දැල්වීමේ දී ගින්නෙන් සුළු සුළු තුවාල සිදු වීම නිතර සිදුවිය හැක. එ වන් තුවාල වීමක් නොහොත් පිළිස්සීමක් සිදුවුණ විට කතා නො කර පැළ දොරෙන් එළිබැස තමන් ගේ මුත්‍රා ටිකක් ගෙන පිළිස්සුණ ස්ථානයේ ආලේප කළ යුතු ය. මෙය ප්‍රඥා ගෝචර ක්‍රියාවකි. කෙම විසින් එම ප්‍රඥා ගෝවර ක්‍රියාව වෙත අදාළ පුද්ගලයා යොමු කර ඇති අයුරු අගනේ ය. එ ලෙස වන්නේ ගින්නෙන් පිළිස්සීම නිසා සිදුව ඇත්තේ සුළු පරිමාණයේ ආපදාවක් වුව ද "පිච්චුනෝ.... දනවෝ...." ආදී වශයෙන් කෑකෝ ගැසීමෙන් නිවස තුළ ඇතිවිය හැකි අනවශ්‍ය නො සන්සුන් තාවයන් වළකාලීම සදහා පියවර ගෙන තිබීම නිසා ය.ඊළගට පෑල දොරෙන් පිටවිය යුතු යයි නියම කොට ඇත්තේ, එ විට හමුවන පිළිකන්න නොහොත් නිවසේ පරිබාහිර සංවෘත ස්ථානයට රෝගියා යොමු කිරීම සඳහා ය. කෙමට අනුව ප්‍රතිකාරය සඳහා මුත්‍රා ස්වල්පයක් ලබා ගැනීමට සංවෘත ස්ථානයක් අවශ්‍යම ය. ඊට හේතු ව විශේෂයෙන් මෙබඳු පිළිස්සුම් වලට ලක්වන්නියෝ කාන්තාවන් වන බැවින්, කාන්තාවන්ට විවෘත ස්ථානයක දී මුත්‍රා ස්වල්පයක් ලබා ගැනීමට ඇති නො හැකියාව ය.ඊළගට අවධානය යොමු කළ යුත්තේ පිළිස්සීම සඳහා භාවිතා කරනු ලබන ඖෂධය ගැන ය. එය නර මුත්‍රා ය. මෙහි දී නර මුත්‍රා පිළිස්සුම් තුවාලයකට යෝග්‍ය ද යන කාරණය ප්‍රශ්නයක විලාශයෙන් ඔබ ගේ සිතේ මතුවීමට පුළුවන. බටහිර වෙදකමට අනුව නම් එහි අයෝග්‍යතාවයක් ඇතැයි ඔබට තරක කිරීමට පුළුවන. එහෙත් සිංහල වෛද්‍ය ක්‍රමයට අනුව ගව මුත්‍රා පමණක් නොව නරමුත්‍රා ද ප්‍රතිකාර සඳහා යොදා ගැනීමට නියම කර ඇති අයුරු පැරණි වෙද පොත්වල අපි කොතෙකුත් දැක තිබේ. විෂ වෙද කමේ දී නරමුත්‍රා විශේෂයෙන් ඖෂධයක් හැටියට භාවිතා කරන අයුරු දැකිය හැකි ය. මුත්‍රාවල ද රසායනික සංයුතියක් ඇති බැවින් මතුපිට ආලේපයක් හැටියට කරනු ලබන මෙම ප්‍රතිකාරය අයෝග්‍ය යයි නිගමනය කිරීමට ඇති ඉඩකඩ විරල ය.
Comments
Post a Comment