ලොවම එපා වී ලොවම කලකිරි
දැවි දැවී හිදිනා වේලේ
ඔබේ දයාබර එක ම වදනකින්
මගේ ආත්මය සුවපත් වේ
අසා අසෝභන නින්දා ගැරහුම්
වැලහින්නක සේ
වැලපෙන මොහොතේ
පවනේ පාවෙන ඔබේ සුවඳ ගෙන
පිපාසිත වූ හද සිහිලැල් වේ
ලොවම එපා වී
ලබා නොමිනිසුන් ලබනා ගැරහුම්
මුවැත්තියක සේ බිය පත්වු මොහොතේ
සිරුරේ තැවරෙන ඔබේ සුසුමකින්
මුළු ගැන්වුනු සිත උණුසුම් වේ
ලොවම එපා වී
රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
ගායනය- ආචාර්ය නන්දා
සංගීතය- මර්වින් පෙරේරා
Comments
Post a Comment