පිපුණු මලේ රුව එමල දනීදෝ
මලකී දුවේ නුඹ
හැඩ රුව බලන්නෙපා
නැති බැරිකම මුතු මාල හතක්
කඩුල්ල පැන එයි නුඹ අත කර ලන දා
කටු මැටි බිත්තිය හැඩ කර අඳිනා
රෑ හෙවනැල්ලෙන් හිස පීරන්නේ
නොතලන් සිත මා ආදර දියණියනේ
පාළු කණට නුඹේ අත නොගැටෙන්නයි
වීදුරු කැඩපත බිම දැම්මේ
ළිඳේ අඩිය හිරු නොබලන පින්නේ
එබී ළිඳට නුඹ ඇයි හිනැහෙන්නේ
නොතලන් සිත මා ආදර දියණියන්නේ
පාළු කරට නුඹේ අත නොගැටෙන්නයි
වීදුරු කැඩපත බිම දැම්මේ
පිපුණු මලේ රුව.........
පද රචනය - ලූෂන් බුලත්සිංහල
ගායනය - ආචාර්ය නන්දා මාලනි
සංගීතය - එම්.එම් ජයවර්ධන
Comments
Post a Comment