gossiplanka image 1


පි - මං හින්දා ඔබෙ නෙතගින් කඳුළක් හෙලන්නෙපා

ගැ- මං හින්දා ඔබෙ හද තුළ සුසුමක් නැගෙන්නෙපා

පි/ගැ : ගිවිසා ගනිමු අපි පෙම් යුවලක් සේ

           කිසිදා එක් නොවෙනා


ගැ:අහස් මාළිගා නැහැ ඔබ නිසා මැවී

පි: සැක සංකා නැහැ ඔබ ගැන හිතේ රැඳී

ගැ :හිමිකම් නොකියම් ඔබට මගේ කිසිදා

පි:උරණ නොවන්නෙමි ඔබ අන්සතු වූ දා


ගැ : අතැඟිලි බන්දන නොපතමි පෙමින් බැදී

පි:ඔබ සිරකරලන දොරගුළු දමනු බැරි

ගැ :නෑකුල සිරිතෙන් සැලෙනා පෙමක් නොවේ

පි : පෙමට පෙමින් යන පෙම් ලොව මෙයයි අපේ



පද රචනය - ලූෂන් බුලත්සිංහල

ගායනය -විශාරද ගුණදාස කපුගේ සහ විශාරද මාලනි බුලත්සිංහල

සංගීතය විශාරද ගුණදාස කපුගේ