අඩවන් වූ දෙනෙතින් ගලනා
මෙත් මුදිතා කරුණා ධාරා
තෙමා තෙමා
හද ගලා ගලා යන
ලොව්තුරු ගුණ මහිමේ
මහමෙව්නා උයනේ සමාධි බුදු පිළිමේ
පිරිතිරි යන මහ වතුරක් සේ
ගලා හැලෙන සිහිලැල් ගඟුලක් සේ
ගිමන් නිවාලන මේ භව කතරේ
නිවන් සදාලන බුදු ගුණ මහිමේ
මහමෙව්නා උයනේ
සමාධි බුදු පිළිමේ
රචනය - ආචාර්ය ඩබ්.ඒ අබේසිංහ
සංගීතය සහ ගායනය : පණ්ඩිත් ආචාර්ය ඩබ්.ඩී. අමරදේව
Comments
Post a Comment