gossiplanka image 1


මේ පුංචි රටේ

කොතැනක දී හෝ

මතු කවදා හෝ

යළි අප හමුවේවි


ආදර සිහිනය දෑසක උතුරන

කඳුළු ගඟක් වන දිනයේ

ජීවිතයට හිමි පැරදුම පිළිගෙන

සමුගෙන යමු වෙන්වි


ජීවිත ගමනෙහි කොතැනක දී හෝ

අප යළි හමුවන දිනයේ

මේ දුක් කඳුළැලි වියැණු දෑසින්

හිනැහෙනු මැන පෙර සේ


පද රචනය-කුලරත්න ආරියවංශ

ගායනය-ටී.එම්. ජයරත්න

සංගීතය- එච්.එම්. ජයවර්ධන