gossiplanka image 1
 


ප්‍රේමයේ මන්දහාසිනී යෞවනේ සිහින සාධනී

නීල නයන නිල් දියේ සීත නලින නිම්නයේ

පාවය................සුන්දරයි ජීවිතේ


තාරකා නිවා දමන්න නෙත් කැලුම් විදා

මා සිතේ විඩා නිවන්න පෙම් පවන් සලා

සඳත් වසන් වෙල්ලා................ රැයක් මුදුන් කළා

පාවයයි........... සුන්දරයි ජීවිතේ


මාලතී වනේ රැදෙම් ද මල් යහන් තලා

මීවිතේ අමා පුරම්ද රත්ලවන් පෙළා

සුසුම් පවන් ගලා ............ හැඟුම් දියත් කළා

පාවයයි..................සුන්දරයි ජීවිතේය



පද රචනය - කුලරත්න ආරියවංශ

ගායනය - කරුණාරත්න දිවුල්ගනේ

සංගීතය -ආචාර්ය රෝහණ වීරසිංහ