gossiplanka image 1


එන්න මඳ නලේ ගොස් පවසන්න දුක මගේ

යන්නට හැකි ඔබට පමණි සිර ගෙයට ඇගේ

දිවා රැයේ වැළපිලා - දෑස ඈගෙ රතු වෙලා

කියන්නකෝ මගේ දුක - ඇගෙ කනට ළං වෙලා


සෝක පණිවුඩය යවන්න ආදරිය බලා

කාළිදාස කිවිඳු මේඝදූතයක් කළා

මට කොයින්ද එම වළා - ආමි සුළගෙ ඔබ බලා

කියන්නකෝ මගෙ දුක - ඇගෙ කනට ළං වෙලා


සංදේශයකින් යවන්න මෙදුක උන් අතේ

හංස ගිරා ලිහිණි කොවුල් කුරුල්ලන් නැතේ

සුළගේ මා අසරණයි - මට ඇති වස්තුව ඇයයි

කීවොත් මගෙ දුක - සදහට ඔබට මා ණයයි


පද රචනය-කරුණාරත්න අබේසේකර

ගායනය-තිලකසිරි ප්‍රනාන්දු

සංගීතය-තිලකසිරි ප්‍රනාන්දු