කෙම
දිමියන් සිටින ගසකින් උන් පළවා හැරීම සඳහා ඇඹලයින් සහිත පොල් කෝම්බයක් කතා නො කර එම ගස වෙත ගෙන ගොස් තබනු. දින කීපයක් ගත වෙන විට දිමියන් එම ගස අත්හර යනු ලැබේ.
එහි විද්‍යාත්මක පදනම
දිමියෝ අප වාසය කරන පරිසරයේ බහුලව ජීවත් වෙන සත්ව විශේෂයකි. ඔවුන් ගෙන් පරිසරයේ ජෛව විවිධත්වයට දායකත්වයක් සැපයේ. පරිසරයේ පැවැත්මට ද මෙහෙයක් සිදුවේ. ඇතැම් අවස්ථා වල දී දිමියන් ගේ බිත්තර බෙහෙත් ඖෂධයක් හැටියට ද භාවිතා කරනු ලැබේ. එම නිසා මෙම පුංචි සත්වයා ප්‍රයෝජනයක් නැති ජීවියෙක් යයි බැහැර කිරීමට නුපුළුවන.එහෙත් ඇතැම් අවස්ථාවල දී උන් කරදරයක් වීම ද රහසක් නොවේ. එ බඳු අවස්ථාවල දී අපේ පැරැන්නෝ කදරකාරි වුව ද දිමියන් විනාශ කිරීමට පෙළඹුණේ නැත. උන් පළවා හැරීමේ
යෙදුණහ. ඒ සඳහා ඔවුහු සතුන්ට හිරිහැර නො වන පරිදි උන් සිටින ස්ථානයෙන් වෙනත් ස්ථානයකට පළවා හැරීම සිදු කළහ.
මේ සඳහා ඔවුන් වඩාත් භාවිත කළේ කෙම් පහන් ය. ඒවා ඉතාමත් සරල හා පහසු බැවින් අසීරුතාවයක් ද ඇති නො විණි. එම නිසා ඉහත සඳහන් කිරීම වඩාත් නිවැරදි ය.තාක්ෂණයෙන් හා විද්‍යාවෙන් දියුණු ව ලැබූ රටවල් ජීව විද්‍යාත්මක පළිබෝධ නාශක ක්‍රමවලට යොමු වී ඇති අයුරු දැකිය හැකි ය. ඔවුන් ඒවා ක්‍රියාවට නංවන්නේ රසායනාගාර තුළ විශාල වශයෙන් මුදල් වැය කොට පර්යේෂණ කරමිනි. එක් ජීවියෙක් විනාශ කිරීම සඳහා එම ජීවියාට ප්‍රති විරුද්ධ ජීවියෙක් නිර්මාණය කොට මුදා හරිමින් එය ක්‍රියාවට නංවනු ලැබේ. එසේ සිය අභිමථාර්ත ඉටුකර ගනිති. එ වන් උත්සාහයක් මීට දශක කීපයකට පෙර ජාත්‍යන්තර වශයෙන් ව්‍යාප්ත වී තිබුණ ස්පුට්නික්' සඟරාවේ පළ වී තිබිණි.
ලෝකයේ ප්‍රමුඛ පෙළේ කපු ගොවියෙක් වූ රුසියාව මහත් තර්ජනයකට මුහුණ දුන්නේ ය. ඒ කපු වගාවට දරුණු පණු රෝගයක් වැළදීම නිසා ය. එම පණුවා සීඝ්‍රයෙන් වර්ධනය වී කපු වගාව විනාශ කරන්නට පටන් ගත්තේ ය. රුසියානුවෝ එම පණුවා විනාශ කළ හැකි කුඩා කළු සමනළයෙක් නිර්මාණය කොට මුදා හැරියේ ය. රසායනාගාරයක් තුළ සිදු කළ එම ක්‍රියාවෙන් පසු ව සමනළයින් ව්‍යාප්ත කොට උන්ලවා පණුවන් සංහාරය කරවා කපු වගාව රැක ගත්තේ ය.වර්තමානයේ ඩෙංගු මදුරු කීටයන් මර්ධනය සඳහා බැස්ටීරියා භාවිතය ද ඒ හා සමාන ක්‍රමයකි. ඒවා අධික ලෙස මුදල් වියදම් වෙන ජීව විද්‍යාත්මක ක්‍රමවේධ බව නො රහසකි. එහෙත් අපේ පැරැන්නෝ ජීව විද්‍යාත්මක පලිබෝධ නාශක ක්‍රම ඈත අතීතයේ සිට ම භාවිතා කළහ.කීඩෑ උවදුර මර්ධනය කිරිම සඳහා කුඹුරුවල මත්ස්‍ය සම්පත වර්ධනය කිරීම, කීඩෑවන් ආහාරයට ගන්නා බකූරන් වැනි කුඩා සතුන් විනාශ නො කිරීම, මීයන් ගේ හානිය වළකාලීම සදහා කුඹුරු යායවල් වල නියරවල් මත තැනින් තැන නිශාචර පක්ෂීන්ට ලැගුම් ගැනීම සඳහා මී, කරද, කුඹුක් ආදී ගස් වැවෙන්නට ඉඩ හැරීම ඉන් සමහරකි. දිමියා පරිසරයට හිතකර සතෙක් වුව ද කරදරයක් වෙන අවස්ථා ද නැතුවා නොවේ. ඒ කොස්, දෙල්, අඹ, කජු, පේර වැනි ගස්වල පල නෙළා ගැනීමට නො හැකි පරිදි උන් ව්‍යාප්තවීම නිසා ය. එ බදු අවස්ථාවල දී අපේ ගැමියෝ උළවා හැරීම සඳහා කරනු ලබන්නේ පොල්ලෙලි ගොඩක් අවුස්සා ඇඹලයින් ඉන්නා පොල් කෝම්බයක් ගෙන කතා නො කර අදාළ ගසේ දෙබලක රැඳවීම ය. එසේ කළ විට සිදුවන්නේ ඇඹලයා දිමියාට වඩා කුඩා සතෙක් වුව ද උන්ට එ රෙහි ව සටන් වැදීම ය. එ විට දිමියෝ බියපත් ව පළා යති. පල දැරු ගස දිමියන්ගෙන් නිදහස් වේ. දිමියා මෙන් ඇඹලයා ප්‍රහාරාත්මක සතෙක් නො වන බැවින් ගසේ පල නෙළා ගැනීම පහසු ය.එ මෙන් ම මේ හා සමාන කෙක්‍රම ගම්බද ජනතාව අතර කොතෙකුත් ව්‍යාප්තව පවතී. මෙහි දී කතා නො කර කෙම කළ යුතු වන්නේ ඇඹලයින් අවිස්සී අනවශ්‍ය කරදර සිදුවෙන බැවිනි.
Comments
Post a Comment