gossiplanka image 1
 

කෙම


ගවයෙකු ගේ ශරිරයේ තුවාලයක් සෑදී පණුවන් හැදුණ විට අබ කෙම කරනෙකුට කතා නො කර සවස් යාමයේ දී අබ ස්වල්පයක් ගෙන ගොස් දෙනු. පසුදා වෙන විට තුවාලය සුව වේ. එහි විද්‍යාත්මක පදනම අබ ස්වල්පය බාර ගන්නා කෙම් කරන්නා ගවයා ගේ තුවාලය ඇති පැත්ත සහ ස්ථානය අසනු ලැබේ. ගවහිමියා විස්තර කියා ආපසු පැමිණේ. පසුදා උදෑසන බලන විට පණුවන් හැලී තුවාලය සුවවෙන්නට හැරී ඇති අයුරු දැකිය හැකි ය. මෙය අන්දුටු කෙමකි. ගව පාලකයෝ ඒ බව දනිති. එමනිසා ගවයෙකුට තුවාලයක් සිදුවුණ විට මෙම කෙම කරවා ගනිති. අබ කෙම හා මන්තරයක් ද බැඳී පවතී. එය දනෝ විරළ ය. කෙම් කරන්නේ පමණක් නොව ගව හිමියෝ ද එම මන්තරය දන්නා වීරළ සුළුතරයේ සිටිති. මන්තරය දන්නා අය තුමූ ම කෙම කරති. නො දන්නා අය දන්නා කෙනෙකු ලවා කරවා ගනිති.මෙහි දී අබ රැගෙන කරන්නේ කුමක් ද යන්න විමසා බැලීම වැදගත් ය. ගවයෙකු ගේ වනයක සුවය අපේක්ෂාවෙන් කෙම් කරන්නෙකු වෙත අබ ගෙන ගොස් දුන් විට ඔහු එම අබ අදාළ මන්තරයෙන් ජීවම් කොට ළිපට දමනු ලැබේ. තවත් සමහරු කබලක් ළිප තබා රත්වුණ විට එම අබ කබලට දමා පුපුරන්නට හරි. මෙම ක්‍රම දෙකෙන් කුමන ක්‍රමය ක්‍රියාවට නැගුවත් ප්‍රතිඵලය එක හා සමාන ය. ගවයා ගේ හෝ මහිෂයා ගේ තුවාලයේ පණුවන් හැළී එය සුවපත් වේ. අප අත් දැක ඇති අයුරු මෙම කෙම් ප්‍රතිඵල විස්මය ජනක ය. එය සිදුවන්නේ කෙසේ ද යන්න කුතුහල දනවන සුළු ය. අබ දැවෙන දුම පණුවන් නැසීමේ ඖෂධීය ගුණයෙන් පිරිපුන් ය. එහෙත් දුර සිටින ගවයෙකු ගේ තුවාලයක පණුවන් නැසීමට එම දුමාරය යැවිය හැකි ද? යන්න ගැන නිශ්චය වශයෙන් නිගමනයකට එළඹිය නො හැකි වුව ද කෙම කරන්නා ගේ සිත තුළ ඒ පිළිබඳ ව විශ්වාසයක් ගොඩ නැගේ. එම විශ්වාසය කෙම කරන්නා ගේ සිත තුළ මානසික ශක්තියක් බවට පත්වෙයි. එ විට ඔහු ගේ සිතේ ගොඩ නැගෙන්නේ තුවාලය සුවපත් කිරීමේ අපේක්ෂාව ය. ඊට ගව හිමියා ගේ අපේක්ෂාව ද එක්වේ. එමගින් සාමූහික චිත්ත ශක්තියක් නිර්මාණය වී ඍජු බල පෑමක් කිරීමට සමත් වෙයි

අබ මැතිරීම සඳහා මන්ත්‍රයක් උපයෝගී කර ගන්නා බැවින් ශබ්ද තරංග ලෙස සක්‍රිය වෙන ගුප්ත බලය ද ක්‍රියාත්මක ව, ගව හිමියා ගේ සහ කෙම කරන්නා චිත්ත බලය ද සංකලනය වී ගවයා ගේ තුවාලයේ පණුවන් හලා සුවපත් කිරිමේ කාර්යයට ඍජු අයුරින් යොමු වේ. මෙම ක්‍රියාකාරිත්වය රැයක් පුරාවට සිදුවීමෙන් පෙරදින තුවාලයේ නලියන ලද පණුවන් හැලී එය සුවපත් වෙන්නට හැරී ඇති අයුරු උදයට දැකිය හැකි ය.