කෙම
පහත සඳහන් මන්තරය නො පෑගුණ කුඩා ගල් කැට වලට මතුරා වී මලු වලට දමා කටවල් බැඳ ගොඩගසා තබනු. මීයෝ ඒවා තැබූ අසලකට වත් නොපැමිණේ.
මන්ත්‍රය
ඕං නමෝ අරාඩියං පරමේස්වා හ:
එහි විද්‍යාත්මක පදනම
මීයන් පළවා හරිමින්, මහත් වෙහෙසක් විඳ කුඹුරු වගාකොට ගොයම් පැසුණු පසු කපා පාගා ගෙටගත් විට ද යළි මීයන් ගේ හානිය එ ළඹේ. එ තැන් සිට නිවසට එන මීයන් පළවා හැරිමට ද ගොවියාට අතිරේක වෙහෙසක් දැරිමට සිදුවේ. ඒ සඳහා අතීතයේ සිට ම ගැමියෝ කෙම් ක්‍රමවල පිහිට ලබාගනිමින් තමන් ගේ සශ්‍ය ආරක්ෂ කරගත් බව මුසාවක් නොවේ. ඒ සඳහා භාවිතා කරනු ලබන සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකි කෙමක් මෙහි ඉහත සඳහන් කොට ඇත. එහි සාර්ථකත්වයට හේතු වන විද්‍යාත්මක පදනම කුමක්දැයි හෙළිදරව් කර ගැනීම කෙම කරන්නට සැදී පැහැදී සිටින ඔබට ප්‍රයෝජනවත් වීමට පුළුවන. නො පෑගුණ ගකැට ලබාගත හැක්කේ ගගක හෝ ඔයක පත්ලෙනි. ඒවා පවිත්‍රතාවයෙන් යුතු ය.
මහ පොළොව මත කොතෙක් සැරි සැරුවත් මීයන්ට හැම දා ස්පර්ෂ වන ගල් වැලි විනා එම ගල ආශ්‍රයක් කවදාවත් ලැබෙන්නේ නැත. එම නිසා ඒවායේ ආගන්තුක ස්වභාවය උන්ට සැක සහිත ය. බිය උපදවන සුළු ය.එ වන් ගල්කට මන්ත්‍රයකින් බල ගැන්වුව විට පවතින තත්වය තවදුරටත් තීව්ර වර්ධනයකට බඳුන් වේ. එය මීයන් වැනි සතුන් ගේ ඉවට හඳුනා ගැනීමට නුපුළුවන් ගුප්ත ස්වභාවයකි. එම නිසා එම ගල්කට දැමූ වී මලු වෙත ළඟා වීමට මීයෝ බිය වෙති. නිසැකව ම එම වී මලුවල අනතුරු දායක තත්වයක් පවතින්නේ යයි හඳුනා ගෙන පළා යති. මෙය මන්ත්‍රයක ඇති ගුප්ත බලය පවිත්‍රතාවයෙන් යුතු ගල් කැට වලට ආරෝපණය කොට සශ්‍ය කා දැමීම සඳහා පැමිණෙන මීයන් පළවා හැරීමට සමත් අගනා කෙමක් හැටියට සඳහන් කළ හැකි ය.
Comments
Post a Comment