gossiplanka image 1
 

කෙම


පල නො දරන දොඩම් ගස්වල මූල මණ්ඩලය පාදා කතා නො කර බෝතල් කටු දමා වසනු. පල දරනු ලැබේ.


එහි විද්‍යාත්මක පදනම


කොතෙක් සරු සාර ව අතු පතර විහිදා වැඩුණත් පල නො දරන ගස් කොතෙකුත් දැකිය හැකි ය. මෙම ගස් සමහර දන්නෝ වද ගස් යනුවෙන් හඳුන්වති. මෙවන් තුරුලිය දෙස බලන කල මෙය ශාක ප්‍රජාව වෙත පමණක් බල පවත්වන න්‍යායක් නොවන බව පැහැදිලි වේ. සත්ත්ව ප්‍රජාවට ද ඒ අයුරින් ම බලපානු ලැබේ.


මෙම න්‍යාය හමුවේ නො සැලෙන මිනිසා විවිධ ක්‍රම භාවිතා කරමින් පල නො දරණ තුරු පල ගැන්වීම සඳහා නොයෙකුත් උපක්‍රම භාවිතා කරන අයුරු දැකිය හැකි ය. එ වන් උත්සාහයන් අතීතයේ සිට මිනිසා විසින් පවත්වාගෙන පැමිණ වර්තමානයට ද දායාද කොට ඇත. කප්පාදු කිරීම, කඳේ පොත්ත එක්තරා රටාවකට කැපීම,  භය ගැන්වීමට යයි ගසේ කඳට පහර දීම, පල ලබාදෙන මෙන්

උදේ සවස ගස යටට ගොස් ඉල්ලා සිටීම, පල නො දැරුවොත් කපා දමන බවට තර්ජනය කිරීම එම ක්‍රමවේද වලින් කීපයකි.


මේවා කෙම් පහන් හැටියට සැළකීමට ගැමියෝ පුරුදු වී සිටිති. ඒ අතුරෙන් දොඩම් ගස් පල දැරීම සඳහා කරනු ලබන ඉහත සඳහන් කෙම අප ගේ අවධානයට ලක් විය. ඊට හේතු ව එමගින් සාර්ථක ප්‍රතිඵල ලබාගත් අය පිළිබඳ ව අසන්න ට ලැබීම ය. තුරුලිය පෝෂණය වෙන්නේ ඉර එළිය, ජලය සහ පසේ ඇති සාරය මගිනි. විශේෂයෙන් ඉර එළියෙන් ලබාගන්නා ශක්තිය එම සාධක අතුරෙන් ප්‍රබල ය. මෙහි දී ඉර එළිය ගසකට ආහාරයක් යයි පැවසීම යුක්ති යුක්ත ය. ඉර එළියෙන් ලබා ගන්නා ආහාරමය පදාර්ථ පත්‍රවල තැන්පත් කර ගන්නා ගස්වල මල්පල දැරීම සඳහා එම පදාර්ථ උපයෝගී කර ගනී. එසේ වුව ද පල නො දරන ගස්වැල් ද ඉදහිට වුව ද අතරින් පතර ද කිය හැකි ය.


ඊට හේතු ව කුමක් ද? කිසියම් දුර්වලතාවයක් යයි නිගමනය කළ හැකි ය. මෙහි දී අවධානයට ලක්විය යුතු කරුණ වන්නේ ඉහත සඳහන් පෝෂ්‍ය පදාර්ථ අඩුවීමත් වැඩිවීමත් යන දෙක ම හිතකර නොවන බව ය. එය මධ්‍යස්ථ මට්ටමක තිබිය යුතු ය. සරුසාර පලදාවක් ලැබෙන්නේ එ විට ය.එමෙන් ම කිසියම් දුර්වලතාවයක් පැවතීම ද ගසක් පල නො දැරීමට හේතුවක් බව මෙහි ඉහත සඳහන් විය. අන් ශාක මෙන් දොඩම් ගස පල නො දැරීමට හේතු ව ව න්නේ ද එය ම ය. එය ගසේ උත්පාදනය වෙන අහිතකර රසායනික බලපෑමක් වීමට ද පුළුවන. දොඩම් ගසේ මුල පාදා බෝතල් කටු දැමුව විට සිදුවන්නේ මූල මණ්ඩලයේ ව්‍යාප්තියත් සමග ඒවා නිරන්තරයෙන් තුවාල වීම ය. එ විට මුල් වලින් මැලියම් විශේෂයක් පිට වේ. එම මැලියම් සමග පලදැරීම වළකාලන දුබලතාවයක් ලෙස හදුන්වා දුන් අහිතකර රසායන ද්‍රව්‍ය පිට වේ. එ විට දොඩම් ගස පල දරන්නට පටන් ගනී. කතා නො කර මෙම කෙම කළ යුත්තේ බෝතල් කටු සමග කරන ක්‍රියාවක් වන බැවිනි. කතා කර කර බෝතල් කටු දැමීම හිත කර නොවේ. කතාවට අවධානය යොමුවුණ විට කරන කාර්යය සඳහා ඇති අවධානය බැහැර වේ. එ විට අනතුරු සිදුවීමට ද පුළුවන. එම නිසා මෙම කරන්නා ද ආරක්ෂා වන පරිදි මෙම මගින් නියමයන් පනවා ඇති බව අවබෝධ කර ගැනීමට පුළුවන.