gossiplanka image 1
 


මානසික ආතතියට පත්වීම සුලබව දැකගත හැකි අවස්ථාවකි. විවිධ අන්තර් පුද්ගල මෙන්ම සමාජ සබඳතාද මෙකී තත්ත්වයට පත් වීමට මිනිසාට මග පාදයි. සියලුම රෝහල්වල පාහේ මෙවැනි රෝගීන්ට ප්‍රතිකාර වැඩසටහන් ආරම්භ කර තිබේ. කෙසේ වෙතත් මානසික බිඳ වැටීම පාලනයට ශාරීරික ක්‍රියාකාරකම් වෙත යොමු කිරීම ඉතා සාර්ථකය. ප්‍රතිකාර සමඟ ව්‍යායාම කිරීම රෝගියාගේ මනස තෘප්තිමත් කරයි. ඒ තුළින් ඇති විය හැකි ගැටලු රැසක් මග හරවාගත හැකිය. ශරීරයේ හැඩය හා ශක්තිය මනා ලෙස පවත්වා ගැනීමට හැකි වීමෙන් යම් පුද්ගලයකුගේ මානසික තෘප්තිය ඉහළ යන්නේය. ඒ තුළින් මානසික බිඳවැටීමකට ලක් වූ අයෙකුගේ මානසිකත්වය ඉහළ යාමද නිරායාසයෙන් සිදු වේ. කෙසේ වෙතත් මානසික ආබාධවල වෛද්‍ය නිර්දේශය ඉතා වැදගත් වන අතර ඒ අනුව ව්‍යායාම වෙත යොමු කළ යුතුය. මානසික අවපීඩනයට ලක් වූ අයෙකු තවත් පුද්ගලයකුගේ, මෙහෙයවීම යටතේ ව්‍යායාම කරන්නේ නම් එය ඉතා සාර්ථකය. ඒ අනුව ව්‍යායාම සැලැස්මක් සකසා ගත යුතුය. ප්‍රථමයෙන් කම්පන අඩු ව්‍යායාම කළ හැකියි. ඒ අනුව මුහුදු වෙරළක ඇවිදීම, මඳ වේගයෙන් දිවීම වැනි දෑ කළ හැකිය. ඊට අමතරව යෝග ව්‍යායාමවල යෙදිය හැකිය. ඒ තුළින් ඉතා ශීඝ්‍රයෙන් මනස නිරවුල් කරයි. දිනකට විනාඩි 20ක් ව්‍යායාම කර විනාඩි  60 දක්වා වර්ධනය කරගත යුතුය. එය ප්‍රධාන පේශි පද්ධතීන් ඉලක්ක කරක්ගෙන කළ හැකිය. එක් පේශි පද්ධතියකට වාර 10ක් - 15ක් ව්‍යායාම කළ හැකිය.