දරු ප්‍රසූතියෙන් පසු බොහෝ මවුවරු රූ සපුව පවත්වාගෙන යාමට මෙන්ම තමන්ගේ කායික යෝග්‍යතාවය පවත්වාගෙන යාමට ව්‍යායාම සිදු කරයි. ගර්භණී සමය නිසා මවගේ බර කිලෝ ග්රෑම් 7 සිට 11 දක්වා ප්‍රමාණයක් වැඩි විය යුතු වුවත් සමහර මවුවරු අනවශ්‍ය ලෙස ආහාර ගැනීමෙන් ඊට වඩා වැඩි බරක් දරු ප්‍රසූතියෙන් පසු වැඩි කරගනී. ගර්භණී සමයේ ක්‍රියාශීලීත්වය අඩු මට්ටමක පැවැතීම බර වැඩි වීමට මෙන්ම පේශි දුර්වල වීමටද හේතු වේ. මේ නිසා ශරීරයේ බොහෝමයක් පේශි දුර්වල වන අතර ගරංශයේ වර්ධනය නිසාත්, උදරයේ පේශි දුර්වල නිසාත් උදරය විශාලව පවතී. මෙය මවගේ සිරුරේ හැඩය පවත්වා ගැනීමට බාධාවකි. එම නිසා වර්තමානයේ සාමාන්‍ය දරු ප්‍රසූතියක් ලැබූ මවුවරුන් තමාගේ හැකියාව පරිදි දරු ප්‍රසූතියෙන් පසු ඉක්මනින්ම ව්‍යායාම කිරීමට උපදෙස් දෙනු ලබයි. කෙසේ වෙතත් දරු ප්‍රසූතිය නිසා ඇති වන සංකූලතා ඇති බැවින් පළමු සති 6 තුළ අධිතීව්‍රතාවයකින් වැඩි කාලයක් ව්‍යායාම නොකළ යුතුය. පේශි ඇදීමේ ව්‍යායාම අනවශ්‍ය ලෙස සිදු නොකළ යුතු අතර අනවශ්‍ය බරක් නොඑසවිය යුතුය. සිසේරියන් සැත්කමකට පසු අඩුම තරමේ සති 6ක පමණ කාලයක් ව්‍යායාමවල නොයෙදිය යුතුය. ඉන්පසු ප්‍රධාන වශයෙන් අවධානය යොමු කළ යුත්තේ ශ්‍රෝණි ම්බලාව ආශ්‍රිතව හා උදරය ආශ්‍රිතව පේශි ශක්තිමත් කරගැනීමටය. සිසේරියන් සැත්කම සිදු කරන ලද මවුවරු සති 12ක කාලයක් බර ඉසිලීමේ ව්‍යායාමවලින් වැළකී සිටිය යුතුය.කිරි දෙන මවුවරු ව්‍යායාම කාලයේදී ආහාර හා දියර වර්ග ගැනීම පිළිබඳ සැලකිලිමත් විය යුතු අතර පියයුරුවලට හානි නොවන සේ තනපට පැලඳීම අත්‍යවශ්‍ය කරුණකි.
Comments
Post a Comment