gossiplanka image 1
 


වයස් බේදයකින් තොරව වැලඳිය හැකි රෝගී තත්ත්වයක් ලෙස පිළිකා රෝගය හඳුනාගත හැකිය. තරුණ අවදියේදී රෝගයට ගොදුරු වුවහොත් එය සුව කරගැනීමට බොහෝ අවස්ථා තිබේ. එහෙත් වයස්ගත වීමත් සමග රෝගය සුව කරගැනීමේ අපහසුතා රැසක් ඇති විය හැකිය. මෙවැනි රෝගීන් ශාරීරික මෙන්ම මානසික අපහසුතා රැසකට ගොදුරු වේ. එය යථා තත්වයට පත් කරගැනීමට දැඩි කැපවීමක් මෙන්ම වෙහෙසක්ද දැරිය යුතුය.යම් රෝගියකු ව්‍යායාම වෙත යොමු වන්නේ නම් ඒ සඳහා අවශ්‍ය පරිසරය හා උපදෙස් ලබාදීම අනිවාර්ය වනු ඇත. ඒ නිසා ප්‍රථමයෙන් පිළිකා රෝග සම්බන්ධ වෛද්‍යවරයකුගේ උපදෙස් ලබාගත යුතුය. එහිදී ව්‍යායාම කළ යුතු අවස්ථා, කාලය,  ප්‍රමාණය පිළිබඳ මනා අවබෝධයක් ලබාගත හැකිය. රෝගීන් ප්‍රතිකාර ගනිමින් ව්‍යායාම කිරීමේදී ඒ පිළිබඳ දැඩි සේ විමසිලිමත් විය යුතුය. එසේම කම්පන අඩු ව්‍යායාම (Low impact exercise) වෙත යොමු කළ යුතුය. ඊට අමතරව නම්‍යශීලී ව්‍යායාම වෙතද යොමුවිය යුතුය. වඩාත් යෝග්‍ය වන්නේ මඳ වේගයෙන් දිවීම වැනි ව්‍යායාමයි. එවැනි ව්‍යායාම දිනකට විනාඩි 20ක් සතියකට දින 3ක් පමණ කළ යුතුය.

ප්‍රතිකාරවල ස්වභාවය අනුව ව්‍යායාම වෙනස් කළ හැකිය. ව්‍යායාම මඟින් රෝගය උත්සන්න වන ආකාරයේ ව්‍යායාමවල නොයෙදිය යුතුය. ඒ නිසා වෛද්‍යවරයා හෝ පුහුණුකරු සමග සාකච්ඡා කිරීම ඉතා වැදගත්ය.