දෑතේ එල්ලී මියුරු කතා කී සුරතල් දෝණියනි
කාලයෙ රියසක මහළු මගෙන් ඔබ ඈතට ගෙන
යන්නේ.....
බොළඳ මියුරු බස් සවන් නිවාලූ
කැකුළු සිනා රස සිත සනහාලූ
අතීත සිහිනය බොඳ වී දියවී
ඈතට පාවෙන්නේ.....
පරපුර වඩන ලෙසින් වෙහෙසෙන ඔබ
ඇස නැළ වූ සිත පින වූ
මතක වරායෙන් නොපෙනෙන ඈතට
වැලිබත පාවෙන්නේ.....
රචනය -ස්වර්ණ ශ්‍රී බණ්ඩාර
ගායනය - පණ්ඩිත් ආචාර්ය ඩබ්.ඩී. අමරදේව
සංගීතය- පණ්ඩිත් ආචාර්ය ඩබ්.ඩී. අමරදේව
Comments
Post a Comment