අතීතය සිහිනයක් පමණයි
සැබෑ සුවඳක් නෑ
එදා සෙනෙහෙන්
නොබැඳුනා නම්
මෙදා වියොවක් නෑ
තැනු මන්දිර බිඳි වැටුණත්
නෙතේ කඳුලක් නෑ
සිනහ වෙන්නට වරම් නොලදත්
සිතේ කිලුටක් නෑ
අතීතය සිහිනයක්.....
සොබා දහමට නොවන අවනත
ලොවේ කිසිවක් නෑ
ලොවේ පැරදුම මිසක කිසිදා
ලැබු දිනුමක් නෑ
පද රචනය - පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි
ගායනය -කරුණාරත්න දිවුල්ගනේ
සංගීතය - උපාලි ජයලත්
Comments
Post a Comment