නුඹෙ සුවඳ පිරුණු පුංචි කාමරේ
රතු රෝස මලක පෙති හැලී තියේ
මට නපුරු වුණේ ඇයි දයාවියේ
මේ කඳුළු බිංදු ප්‍රථම ප්‍රේමයේ //
මගෙ සමරු පොතේ රෝස පිටු සොයා
මුතු අකුරු පේළියක් ලියු ඔයා
සිහිවටනයක් ලෙසින් තවත් තියේ
සමනළ පියාපතක්ය ජීවිතේ
නුඹෙ සුවඳ පිරුණු පුංචි කාමරේ..........
හිත දුරක ගියා ආදරේ සොයා
මුතු කඳුළු බිංදුවක් ගලා ගියා
සමුගැන්ම වේදනාවකී ලොවේ
මේ ඉන්ද්‍රචාපයක්ය ජීවිතේ
නුඹෙ සුවඳ පිරුණු පුංචි කාමරේ //
රචනය - ධර්මරත්න පෙරේරා
සංගීතය - විමල් ජයකොඩි
ගායනය- සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි
Comments
Post a Comment