සැන්දෑ කළුවර ගලා හැලෙන විට
සෙනෙහස දැල්වුනු නිවස සොයා එමි
ඔබේ සිනා සඳ මඩල මුවාවෙන්
ජිවිතයේ දුක් වෙහෙස නිවාගමි
සැන්දෑ කළුවර ගලා...........
කුරුළු කැදැල්ලක උණුසුම කැටි වුණ
අමා සුවයදෙන අතුපැල හෙවනේ
අසරණ වූදා මට ඔබ පමණයි
මදකට හෝ සැනසුම ගෙන දෙන්නේ
සැන්දෑ කළුවර ගලා හැලෙන විට
සෙනෙහස දැල්වුනු නිවස සොයා එමි
සැන්දෑ කළුවර ගලා......
පිබිදෙන ලොව හා තරඟ කරන්නට
හෙට අළුයම යළි පිටවිය යුතුවේ
ඔබෙන් තොරව සිටිනා හැම මොහොතෙම
ඔබේ හදට වැඩියෙන් තව ළං වේ
සැන්දෑ කළුවර ගලා හැලෙන විට
සෙනෙහස දැල්වුනු නිවස සොයා එමි
ඔබේ සිනා සඳ මඬල මුවාවෙන්
ජීවිතයේ දුක් වෙහෙස නිවාගමි
පද රචනය - සුනිල් සරත් පෙරේරා
ගායනය-සනත් නන්දසිරි
සංගීතය- සනත් නන්දසිරි
Comments
Post a Comment