නොහේ
වැට කොටු බැඳ මලක සුවඳ වටකරගත නාහේ
ආදරයේ නොහිමි සුවඳ අනන්තයට ඇහේ ... //
අපෙ සිතුවිලි කුරුලන් වී එකට එකතු වුණේ
ඒත් කිමද අප දෙන්නා දෙලොවක තනි වුණේ ...
වැට කොටු බැඳ ....
එගොඩ මෙගොඩ අප වෙන්කර ගඟ ලෝදිය වුණේ
ආදරයේ මහිමෙන් කිම ලෝදිය නොනිමුණේ ...
වැට කොටු බැඳ ...
පද රචනය- තිලකරත්න කුරුවිට බණ්ඩාර
සංගීතය සහ ගායනය - ආචාර්ය නන්දා මාලනී
Comments
Post a Comment