එදා මෙදා තුර කඳුළට විවර වු දෑස් පියන් පත් කවුළු වසා
ළයේ ගලා ගිය සෙනේහයේ සුව සිනා පිරුණු රන් දෙතොල තියා
මිලාන වී ගිය රෝස කුසුම් පෙති කම්මුල් සුදුමැලි පාට පොවා
දෑත ළයේ බැඳ අවසන් ගමනක සොඳුරිය මට නොකියාම ගියා
දෑස් කවුළුපත් පලා කඳුළු කැට වෑහෙද්දී මගේ දෑස් අගින්
කාත් කවුරුවත් වෙතත් හිතයි මට පාත්වෙන්න ඔය මුවට උඩින්
ඈත්ව යන්නට සමුගෙන කවුරුත් ඔබ මුව දොවතත් සුවඳ පැණින්
මාත් මගේ හිතටත් නුඹ සුවඳයි ඈත් නොවේමැයි ඒ සුවඳින්
එදා මෙදා තුර කඳුලට විවර වූ
ඊයේ ඉපදී අද මිය යන්නට පෙරුම් පුරාගෙන උපන් ළයේ
හීයේ වේගෙන් අහස උසට බැඳි ආදර ලෝකය හෙටත් තියේ
ඒත් ඉතින් දැන් සොඳුරිය ඔබ නැත ඇයි මේ ලොව මා තනිව ගියේ
ආයේ දවසක එක හිත් ඇත්නම් වී අප ඉපදෙමු එකට ප්‍රියේ
එදා මෙදා තුර කඳුලට විවර වූ
පද රචනය -විමල් ජයශාන්ත
ගායනය හා සංගීතය - සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි
Comments
Post a Comment