gossiplanka image 1


කුමරියක පා සළඹ සැලුනා

වසා සිට නෙතු පියන් ඇරුනා

කුමර බඹසර අසපුවේ මා

සමවැදී උන් දැහැන් බිදුනා


උකුල ළැමහස මලවි කරලිය

මුවා කළ ඇගේ දුහුල් සළුතිර

විවර කෙරුවා මනස් සළෙලුන්

උමතු මු දෙනුවන් රැහැන් ඇද

මා අභියස මැවුණු තුසිතය

සුරන් නැලවු සුයාමය



නිසල ජීවන තපෝවන මැද

හැගුම් ගජසෙන් යදම් බිඳ වැද

තලා සිත කම්පනය කරවයි

ලපලු තුරුවල් කැකුළු මල් පෙති

මා හඬවයි බිදුණු තුසිතය

සුරන් නැලවු සුයාමය


රචනය-කේ.ඩී.කේ. ධර්මවර්ධන

සංගීතය-ආචාර්ය වික්ටර් රත්නායක

ගායනය-පණ්ඩිත් ආචාර්ය ඩබ්.ඩී. අමරදේව