සඳ තරු නිහඬයි
ගහකොළ නිසලයි
මුළු ලොව සැතපෙයි
සිතිවිලි විතරක් අවදි වෙලා
පියා නුවන් යුග නිවා හැඟුම් සිත
සැතපෙන්නට වෙර දරන පැයේ
පාළුව තනිකම කුටියට අවුදින්
හදවත අවදි කළා
සඳ තරු....
මවා නුවන් ඔබ ඔබේ තෙපුල් සඳ
සිහිනයකින් මෙන් ගලා රැයේ
සෙනෙහස හඬවා මතකය ඉකිබිඳ
හදවත අවදි කළා
සඳ තරු.....
රචනය- කුලරත්න ආරියවංශ
ගායනය හා සංගීතය - පණ්ඩිත් ආචාර්ය ඩබ්.ඩී. අමරදේව
Comments
Post a Comment