මහ වැස්සක පෙර නිමිති පෙනෙනවා
කවුළුව අතරින් හිරිකඩ එනවා
මල්පැණි වඩියක උණුසුම ලබනට
යන්නට ඕනෑ කඩමණ්ඩිය වෙත
කබාය ඉරිලා ඊට කමක් නෑ
කවුරු බලන්න ද කවුරු දකින්නද
මා දැන් මහලු වියේ
පාරට බැස්සම නොවැ සීතල වැඩි,
තනිකම ඊට වැඩී
හිරිපොද වැස්සේ එකම කුඩය යට
තෙරපි තෙරපි අර යුවලක් යන හැඩ
මමත් ඔහොම ගිය හැටි මතකයි
මට හොඳ හැටි මතකයි
මී විතකින් ගත උණුසුම් වූවද සිත උණුසුම් වේදෝ
එපා එපා මී විත මගෙ දෙතොලට
එපා එපා මී විත මගෙ දෙතොලට
ආපසු මගෙ කුටියට යනවා
මා ආපසු යනවා
රචනය- කේ.ඩී.කේ. ධර්මවර්ධන
ගායනය - පණ්ඩිත් ආචාර්ය ඩබ්.ඩී. අමරදේව
Comments
Post a Comment