මී අඹ වනයේ ගී හඬ පතුරා කාව ද අමතන්නේ
ලස්සන මුහුණට ඇස්වහ දෙන්න ද ඔය හැටි
මිහිබට දෙවඟන ඇවිදින තාලෙට කොහොමද ඇවිදින්නේ
ලා නිල් පාටට දිළිසෙන හින්ද ද ඇස් දෙක නළවන්නේ
සිහිනෙන් සිහිනෙට ඔබ එනවා
මොනව ද හෙමිට මුමුණනවා
හදවත රිද්ම ද නවතනවා
මොහොතින් යළි නොපෙනී යනවා
මීඅඹ වනයේ
බඳ වට සුදු ඔසරිය පටලා
මල් පොකුරක් ඔබ අත තබලා
ළඟදිම මනමාලිය කරලා
ගෙන යන්නෙමි ඔබ මගෙ කියලා
මී අඹ වනයේ.....
පද රචනය - ආනන්ද සෙනෙවිරත්න
ගායනය- සී.ටී ප්රනාන්දු
සංගීතය- ටෝනී විරතුංග
Comments
Post a Comment