gossiplanka image 1


දෛවයෝගයකින් නොවේ දෝ

හමුවුණේ අප හමුවුණේ

දෛවයේ සරදම් ලබන්නට

කිම මෙසේ අප හමුවුණේ


ඇදුරුතුමියයි ප්‍රේමයේ ඔබ

ඇදුරුතුමියයි යෞවනේ

ශෝකයේ රුදු වේදනාවේ

කඳුළු සයුරේ උල්පතය.................


දෛවයෝගයකින්.................


නඳුන් උයනයි ස්නේහයේ ඔබ

සඳුන් සිලිලයි ජීවිතේ

සොම්නසේ ආනන්දයේ

හසරැල් තරංගේ උල්පතයි


දෛවයෝගයකින්.................


රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න

සංගීතය හා ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක