gossiplanka image 1

වියෝ ගී ගැයෙනා හදේ ආදර මල් නොමියේ

සදා මේ සංසාරයේ අපේ හමුවීම නොවේ //


අතීතයේ මායා රූ කැඩී බිදී යාවී

අනාථ වු මා දැසේ කථා නිමාවේවි

මගේ කඳුළු හංගා මා සිනා සිසී ඉන්නේ

ඔබේ ලොවේ හිරු පායා සදා සිනාසේවා


වියෝ ගී ගැයෙනා


අනාගතේ සිහිනේ නෑ මෙදා සැබෑ වන්නේ

මිලාන වූ ආකාසේ අපේ පැතුම් පාවේ

මගේ පැලේ තනිවී මා සුසුම් හෙලන වේලේ

ඔබේ ලොවේ හිරු පායා සදා සිනාසේවා


වියෝ ගී ගැයෙනා......//


රචනය-මහාචාර්ය සුනිල් ආරියරත්න

ගායනය-විශාරද නීල වික්‍රමසිංහ

සංගීතය-නිමල් මෙන්ඩිස්