gossiplanka image 1

සොඳුරිය කාලය කොතරම් නපුරු ද

දිවි හිමියෙන් කඳුළැලි පුරවා ගෙන

රැකගත් ආලය උදුරාගෙන ගිය කාලය

කාලය කොතරම් නපුරු ද සොඳුරිය


පෙරුම් පුරා දුක සේ ගලපා ගත්

කවිය ඔබ ම වී නැළැවුනු යුගයක

හද රැඳි ඔබ රුව සිහිනෙක වත් නැත

ඒ රුව කොතරම් මිහිරි ද සොඳුරිය

සොඳුරිය .....


ලොවට හොරා විළිලා බිහි කරගත්

වසන්තයේ සඳ මියැදුන දවසක

බෙදා හදාගත් දුකවත් අද නැත

ඒ දුක කොතරම් මිහිරිද සොඳුරිය

සොඳුරිය ....


පද රචනය- මහාචාර්ය සමන්ත හේරත්

ගායනය- අමරසිරි පීරිස්

සංගීතය - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස