ඇය යන්න ගියා මැකිලා
වන සිරසක තුරු සෙවනැලි අතරේ
ගී ගයමින් හිඳ මා තුරුලේ
ඇය යන්න ගියා මැකිලා //
පිණි කඳුලක් මල් පෙති අග තවරා
මිහිදුම් සළුවෙන් මුහුණ වසා
නිල්ල නිලන නිල් කඳුවැටී අතරේ
සඳ එළියේ මංපෙත පාදා
රහසක් සඟවා ගොළුවු හදකින්
යන්න ගියා මැකිලා
ඇය යන්න ගියා...
යළි කවදාවත් හමු නොවෙනා බව
මද පවනක් හිස අතගා කීවද
අදහා ගන්නට නොහැකිය කිසිදින
ඇය යළි නොඑතැයි ගිම්හානෙට පෙර
යන්න ගියා මැකිලා
වන සිරසක තුරු සෙවනැලි අතරේ
ගී ගයමින් හිඳ මා තුරුලේ
ඇය යන්න ගියා මැකිලා //
පිණි කඳුලක් මල් පෙති අග තවරා
මිහිදුම් සළුවෙන් මුහුණ වසා
රචනය -සුනිල් සරත් පෙරේරා
ගායනය -අමරසිරි පීරිස්
සංගීතයඅමරසිරි පීරිස්
Comments
Post a Comment