gossiplanka image 1
 


වන බඹරෝ වන බඹරෝ

රෝස මලක් පිපිලා බඹරෝ

වන බඹරෝ වන බඹරෝ

රොන් ගෙන ආ හැකි වන බඹරෝ


ඊයේ උදේමයි මල පිපුනේ

තව නෑ රොන් මල තුළ පිරුණේ

ටික දවසක් යන තුරු සෙවණේ

මල පිපුණාදෙන් මඳ පවනේ


වෙන මල් වෙත නෑ මම යන්නේ

රෝස මලයි මගෙ හිත ගන්නේ

සමනළයින් ඒ බව දන්නේ

ඒ ගැන නෑ මම වෙහෙසෙන්නේ


පද රචනය - ක්ලැරන්ස් විජේවර්ධන

ගායනය -ඇනස්ලි මාලවන

සංගීතය - ක්ලැරන්ස් විජේවර්ධන