කෙම
උලුක්කුවක් සෑදුණ විට නො ඉඳුල් ව පොල්කිරි මිරිකා පහත සඳහන් මන්ත්‍රයෙන් එම කිරි 108 වරක් ජීවම් කර එම ස්ථානයේ ආලේප කොට පහළට සූරා එලනු. තුන්වරුවෙන් උලුක්කුව සුවවේ.
මන්ත්‍රය
ඖ නමෝ උලනි උලනි උලි සන්දරි පසන් දරී නීල මැදිරි අන්දිරි දිරි යේස්වාහං
එහි විද්‍යාත්මක පදනම
උලුක්කුව වැඩ පල වල නිතර යෙදෙන ගැමියන්ටත්. අත්වැරදීම් නිසා ගමන් බිමන් වලදීත් එසේ නැත්නම් වෙනත් කටයුත්තක දී වුව ද සෑදෙන්නට ඉඩ ඇති ආබාධයකි. සෑදුණ විට අසාධ්‍ය තත්වයකට පත් නො වූවත් උලුක්කුව දෙනික වැඩකටයුතුවලට බාධාවකි. සුව වීමට මදක් ප්‍රමාධ මෙම අසාධන තත්වය ජන ජීවිතයට අවහිරතාවයකි. එම නිසා උලුක්කුවක් සෑදුණ විට එය ඉක්මනින් සුවකර ගැනීමට කවුරුත් පාහේ මාන බලති. ඈත අතීතයේ සිට ම ගම්බද ජනතාව උලුක්කු සුවය සඳහා වඩාත් පෙළඹුණේ ඖෂධ ප්‍රතිකාර සඳහා නොවේ. ඔවුන් අභිචාර විධි සඳහා යොමු වී සුවය අපේක්ෂා කළ බව නො රහසකි. වර්තමානයේ ද ඔවුන් ඒ සඳහා යොමු වෙන අයුරු දැකිය හැකි ය. මෙහි සඳහන් වන්නේ උලුක්කුව සඳහා ප්‍රත්‍යක්ෂ වශයෙන් සුවය ලබාගත හැකි ඒ ආකාරයේ කෙමකි. උලුක්කුවක් සෑදුණ විට නිවුන් දරුවකු හෝ වැඩිහිටි පුද්ගලයෙකු ලවා පොල්කිරි හෝ පොල් තෙල් උලුක්කුව සෑදුණ ස්ථානයේ ආලේප කරවා අද්දවා ගන්නා සිරිතක් වර්තමානයේ ද දැකිය හැකි ය. මෙම කෙම ඉන් ඔබ්බට ගිය වඩාත් සාර්ථක අන්දමින් ප්‍රතිඵල බලාපොරොත්තු විය හැකි කෙම් ප්‍රතිකාරයෙකි. ඊට හේතු ව මෙම ප්‍රතිකාරය සඳහා මන්ත්‍රයක් ද බද්ධ වී තිබීම ය. මෙහි විද්‍යාත්මක පදනම කුමක්දැයි විමසා බැලීමේ දී කරුණු කීපයක් අනාවරණය කරගැනීමට පුළුවන. ඉන් පළමුවැන්න උලුක්කුව සුවකර ගැනීම සඳහා පොල් කිරිවල ඖෂධීය ගුණය ලබා ගැනීම ය. දෙවැන්න සම්භාහනමය ක්‍රියාවකට අසාධිත
ස්ථානය පත් කිරීම ය. තෙවැන්න ඒ දෙක ම අභිබවා යන බලගතු මන්ත්‍රයක ගුප්ත බලය උලුක්කු සුවය සඳහා යොමු කිරීම ය.
එම නිසා උලුක්කුව සුවකිරීමට ත්‍රිවිධ ආකාරයක බලයක් හා ශක්තියක් ඒකරාශී වී යොමු වෙන බැවින් මෙහි ප්‍රතිඵල ඉතා සාර්ථක බව නිගමනය කිරීම අසීරු කාර්යයක් නොවේ.
Comments
Post a Comment