ඔබ මා සමඟ අතිනත ගන්නා දවස
මේ මහ කන්ද බැලුවා හිඳ ගම සිරස
ඔබ මා අතැර වෙන නුවරක ගිය විගස
මේ මහ කන්ද බැලුවා හොරැහින් මදෙස
වෑදිය නිල්ල සුදු නෙළුමට මිහිර පොවයි
පාළුව ලුහුබදින කිරලා හඬා වැටෙයි
නොකිවු රහස හද උතුරා වාන් දමයි
මතකයේ සුවඳ තවමත් මා සිතට දැනෙයි
ඔබ මා සමඟ අතිනත ගන්නා දවස
මේ මහ කන්ද බැලුවා හිඳ ගම සිරස
ඔබ මා අතැර වෙන නුවරක ගිය විගස
මේ මහ කන්ද බැලුවා හොරැහින් මදෙස
රචනය - සුනිල් සරත් පෙරේරා
සංගීතය සහ ගායනය - පණ්ඩිත් ආචාර්ය අමරදේව
Comments
Post a Comment